(~!~)ආයුබෝවන්(~;~)

***::::::::::::::::::::::::*** :::දිනය සුබ ‍ව‍ෙීවා:::** :::ඔබට ජය වෙීවා.:::** ***:::::::::::::::::::::::***

Friday, June 26, 2015

ඉතිරි රුපියල

10:24 AM

 ඉතිරි රුපියලට මක්වුනා ද? : නිවැරදි පිළිතුර

ඉතිරි රුපියලට මක්වුනා ද?

මේ ගැටලූව හැත්තෑව දශකයේ මිරිස් පොලූ හාල් පොලූ පැවති කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප‍්‍රදර්ශනයක දී එහි ඇදී ආ නරඹන්නට ඉදිරිපත් කළ එකකි. ආනන්ද විද්‍යාලයේ සේවය කළ සුප‍්‍රකට ගණිත ගුරුවරයකු වූ සී. එම්. වීරරත්ත මහතා විසින් ඉදිරිපත් කළ මේ ගැටලූව ඔහුගේ ගණිත විනෝදය ග‍්‍රන්ථයට ද ඇතුළත් කර තිබුණි. එකල පැවති ආහාර හිඟය නිසා මිරිස් රාත්තලක මිල අධික ලෙස ඉහළ ගිය අතර ඒවා අනවසරයෙන් වැඩිපුර ළඟ තබා ගැනීම ද තහනම් විය. ඒ නිසා වැඩිපුර ගෙන යන අල්ලන්නට පොලූ (මාර්ග බාධක) පවා යොදා තිබුණේය. මෙම ගැටලූව විසඳන්නාට තෑග්ග වශයෙන් දෙන්නට මිරිස් රාත්තලක් ද ඒ ප‍්‍රදර්ශන කුටියේ එල්ලා තිබුණි. එය එහි එන නරඹන්නන්ට අපූරු විනෝදයක් සැපයූ අංගයක් විය.
මෙන්න ඒ ගැටලූව! ඔබටත් විසඳන්න පුළුවන් ද බලන්න!

යාළුවෝ තේ බීමට හෝටලයකට ගොඩ වූහ. තේ බිව් පසු වේටර් බිල ගෙනාවේය. අතේ බිල රුපියල් 25ක් විය. බිල ගෙවීම සඳහා යාළුවන් එක් එක්කෙනා රුපියල් 10 බැගින් දමා වේටර් අතට දුන්නේය. 

වේටර් බිල ගෙවීමට රුපියල් 30ත් රැගෙන කැෂියර් ළඟට ගියේය. කැෂියර් බිලේ සඳහන් රු.25 අරගෙන රුපියලේ කාසි පහක් වේටර්ට ආපසු දුන්නේය. වේටර් එම මුදල රැගෙන යාළුවන් ළඟට ගොස් ඒ මුදල ඔවුන්ට දුන් ඔවුහූ සංතෝසමක් හැටියට වෙට්ර්ට රුපියල් 2ක් ආපසු දුන්නෝය. ඉතිරි රුපියල් තුන යාළුවෝට රුපියල බැගින් බෙදා ගත්හ. 

දැන් රුපියල බැගින් ආපසු ලැබුණ නිසා යාළුවන් එක් එක්කෙනා ගෙවා ඇත්තේ රුපියල් 9 බැගින් ය. ගෙදර යන ගමන් යාළුවෝ ගනුදෙනුව ගැන කතා කරන්නට වූහ.

දැන් රුපියලක් ආපසු ලැබුණ නිසා ඔවුන් තේ බීමට වැය කර ඇති මුදල රු. 9 බැගින් රු. 27කි. වේටර්ට දුන් සංතෝසම වූ රුපියල් දෙක ඊට එකතු කළ විට තේ බීමට වැය වූ මුළු මුදල රු. 29කි. කලින් වේටර්ට දුන් රුපියල් 30න් ඉතිරි රුපියලට වුණේ කුමක් ද?

යාළුවෝ ලොකු ගැටලූවකට පැටළුණහ. ඒ අනුව එකිනෙකා නැති වූ රුපියල ගැන වාද විවාද කරන්න පටන් ගත්හ. අන්තිමේ එය රණ්ඩුවක් බවට පෙරළුණේය. යාළුවන්ගේ රණ්ඩුව නවත්වා ඔවුන්ගේ රුපියලට වූ කියා දෙන්න ඔබට පුළුවන්ද?


නිවැරදි පිළිතුර

මේ ගැටලූව ඔබේ බුද්ධිය මනින්නට ඉදිරිපත් කළ එකක්. ගැටලූවේ නිර්මාපකයා විසින් ඔබ අවුලට පත් කරන්නට ගත් උත්සාහයක්. ඔහු ගණන හදා පෙන්වන්නේ ඒ සඳහාය. ඒ ගණන හැදිය යුත්තේ ඔහු කියන විදියට නොවේ. යාළුවන් තිදෙනා මුලදී රුපියල් 10 බැගින් දුන්නාට ඔවුනට රුපියල බැගින් ආපසු ලැබුණු නිසා ඔවුන් ඇත්තට ම දී තිබෙන්නේ රුපියල් 9 බැගින් රුපියල් 27කි. තේ බිල රුපියල් 25 ගෙවා ඉතිරි රුපියල් 2 වේටර් දුන් පසු කිසිවක් ඉතිරි නොවේ. වේටර්ට දුන් මුදලත් රුපියල් 27ට ම ඇතුළත් ව ඇති නිසා යළිත් එකතු කිරීමක් අවශ්‍ය නොවේ. රුපියලක ප‍්‍රශ්නයක් මෙහි නැත. එය ප‍්‍රශ්නකරු ඔබේ බුද්ධිය අරගා බලන්නට යොදා ගත් ව්‍යාජ ප‍්‍රශ්නයකි. 

Written by

We are Creative Blogger Theme Wavers which provides user friendly, effective and easy to use themes. Each support has free and providing HD support screen casting.

0 comments:

Post a Comment

 

© 2013 FOR CHANGE. All rights resevered. Designed by Templateism

Back To Top