සීයාගේ වයස කීයද?
සීයාගේ වයස කීයද?
1924 අවුරුද්දේ, ළමයෙක් ඔහුගේ මවගේ පියා වන සේතන් සීයා ළඟට ගොස්, ”සීයේ, මගේ දැන් වයස මා උපන් අවුරුද්දේ අග ඉලක්කම් දෙකේ ගණනට සමානයි.” යැයි කීවේය.
”ඇයි පුතේ මගේ දැන් වයසත් ඒ වාගේමයි” මුනුපුරා මවිතයට පත් කරමින් සේතන් සීයා පැවසීය.
1924 වර්ෂයේදී සීයාගේ සහ මුනුපුරාගේ වයස් ඔබට කියන්න පුළුවන්ද?
පිළිතුර
මුනුපුරා ඉපදී ඇත්තේ විසිවන ශත වර්ෂයේ විය යුතුයි.
24 ÷ 2 = 12 බැවින්, ඔහු ඉපදුනු වර්ෂය 1912 වේ. එහෙයින් 1924 දී ඔහුගේ 12 වේ.
ටිකක් කල්පනා කළොත්, සීයා ඉපදුනේ විසිවන ශත වර්ෂයේ නොව, 19 වන ශත වර්ෂයේ බව ඔබට අවබෝධ විය යුතුයි. (1924 - 1800) ÷ 2 = 62 යි. එහෙයින් සීයාගේ උපන් වර්ෂය 1862 වේ. එවිට 1924 දී සීයාගේ වයස 62 කි.

0 comments:
Post a Comment