(~!~)ආයුබෝවන්(~;~)

***::::::::::::::::::::::::*** :::දිනය සුබ ‍ව‍ෙීවා:::** :::ඔබට ජය වෙීවා.:::** ***:::::::::::::::::::::::***

Thursday, June 25, 2015

විද්‍යාත්මක හේතු

7:06 AM

විද්‍යාත්මක හේතු
* සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසුය.පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩුය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩිවේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකිය.

* පීඩන උදුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උදුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩුය.පීඩන උදුනක් තුළ පීඩනය අධිකය. එම නිසා කඩල සමඟ ඇති ජලයේ තාපාංකය ඉහළ යයි. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 දී ජලය හුමාලය බවට පත් නොවී ජලයේ උෂ්ණත්වය ඉහළ යයි. එම නිසා කඩල ඉක්මනින් තැම්බේ.

* හොඳින් ආලෝකය ඇති තැනක සිට කාමරයක් තුළට පැමිණි විගස මද වේලාවක් යනතුරු කාමරය තුළ ඇති භාණ්ඩ නොපෙනේ.ඇසේ කණීනිකාව හොඳින් ආලෝකය ඇති විට කුඩා වේ. ආලෝකය අඩු වූ විට විශාල වේ. ආලෝකය ලැබෙන ස්ථානයේ සිටින විට කුඩා වූ කණීනිකාව කාමරයට පැමිණි විගස විශාල නොවීමෙන් කාමරය තුළ අඩංගු භාණ්ඩ පැහැදිලිව නොපෙනේ.

* සහල්වල ඇති ගල්, වැලි ගැරීමෙන් ඉවත් කළ හැක්කේ කෙසේද?ගල්, වැලිවල ඝනත්වය සහල්වල ඝනත්වයට වඩා වැඩිය. එම නිසා සහල්වලට වඩා ගල් වැලි යටට යයි. සහල් ගැරීමේදී ඝනත්වයෙන් අඩු සහල් ඉවත් වන අතර ඝනත්වයෙන් වැඩි ගල් වැලි භාජනය පතුලේ රැඳෙ.

* කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත.පිටි පිපීම සඳහා භාවිතා කරන ආප්ප සෝඩා හෙවත් සෝඩියම් බයි කාබනේට් මඟින් කාබන් ඩයොක්සයිඩ් සෑදේ. නමුත් කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට කාබන් ඩයොක්සයිඩ් සෑදීම සිදු නොවන නිසා පිටි පිපීම සිදු නොවේ.

* පලතුරු නරක් නොවී තබා ගැනීම සඳහා ඒවා සාන්ද්‍ර සීනි ද්‍රාවනයක බහා තබනු ලැබේ.පලතුරු මත ක්ෂුදු ජීවීන්ගේ වර්ධනය නිසා ඒවා නරක් වේ. නමුත් පලතුරු සාන්ද්‍ර සීනි ද්‍රවණයක් තුළ බහා තැබීමේදී සීනි ද්‍රාවණයේ සාන්ද්‍රනය වැඩි නිසා පලතුරුවල ජලය සීනි ද්‍රාවණය මගින් උරා ගනී. එවිට ක්ෂුදු ජීවීන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ජලය නොලැබී යාමෙන් වර්ධනය අඩාල වීම නිසා පලතුරු නරක්් නොවේ.

* විකිනීමට තබා ඇති පලා ගොඩවල් මතට නිතර නිතර ජලය ඉසිනු ලැබේ.පලා ගොඩවල් මතට ජලය ඉසීමෙන් ඒ අවට වාතයේ ආර්ද්‍රතාවය වැඩි වේ. මේ නිසා පලාවල උත්ස්වේදනය මඟින් ජලය ඉවත් වී යාම අඩු වී පලා වියළීමෙන් ආරක්ෂා වේ.

* හාල්මැස්සන් කරවල තක්කාලි දමා පිසීම සුදුසු නොවේ.හාල්මැස්සන්ගේ වැඩිපුර කැල්සියම් අඩංගුය. තක්කාලි වල ඔක්සැලික් අම්ලය තිබේ. මේ දෙක එකතුවීමේ දී කැල්සියම් ඔක්සලේට් නමැති ජලයේ එතරම් දිය නොවන ස්ඵටික සාදයි. මේවා මුත‍්‍රාශයේ බිත්තිවල තැන්පත් වීමෙන් මුත‍්‍රා රෝග සෑදීමට හේතු වෙයි.

 * මඤ්ඤොක්කා තම්බන විට බඳුන විවෘතව තබන්න.මඤ්ඤොක්කාවල සයනයිඩ් සංයෝග ඇත. ඒවා සිරුරට විස සහිතය.මඤ්ඤොක්කා තැම්බීමේදී සයනයිඩ් සංයෝග වාෂ්ප වී යයි. නමුත් බඳුන වසා තැම්බූ විට මෙම සයනයිඩ් පිට නොවී බඳුන තුළම රැඳී ජලයේ දිය වෙයි. ඒ නිසා ඒවා අනුභව කිරීමෙන් ශරීරයට හානි පැමිණිය හැකිය.

* නරක් වූ මාළු ටින් හඳුනා ගන්නේ ඒවායේ පෘෂ්ඨ නෙරා තිබීමෙනි.මාළු ටින් එකේ ඇති මාළු නරක් වූ විට නොයෙක් අම්ල සෑදේ. ඒ නිසා ටින් එක තුළ පීඩනය වැඩි වී පිටතට නෙරයි.

* වර්ෂා දිනවල මුත‍්‍රා යාම වැඩිය.වර්ෂා දිනයක පරිසරය සිසිල් නිසා දහදිය වාෂ්පීකරණය සිදු නොවේ. එවිට දහදිය ආධාරයෙන් පිටවීමට යෙදුන බහිඝ‍්‍රාවීය ද්‍රව්‍ය පිට නොවන නිසා ඒවා මූත‍්‍රා ආකාරයෙන් පිටවීම සඳහා මුත‍්‍රාශය කරා යයි. එම නිසා වර්ෂා දිනවල මුත‍්‍රා වැඩිපුර යාම සිදු වේ.

* ශීත දිනවලවැඩි බඩගින්නක් දැනේ.ශීත දිනවලදී ශරීරය තුළ තාපය රඳවා තබා ගත යුතු වේ. මේ සඳහා වැඩි ආහාර ප‍්‍රමාණයක් ශරීරයට අවශ්‍ය නිසා වැඩියෙන් බඩගිනි දැනේ.
* පරිසරය අධික ලෙස ශීතල වූ විට සමේ රෝම උද්දීපනය වී වේව්ලීම ඇතිවේ.අධික ශීතලකදී ශරීර උෂ්ණත්වයට වඩා පරිසරයේ උෂ්ණත්වය අඩු නිසා ශරීරයෙන් තාපය පරිසරයට පිටවේ. එවිට සමේ ඇතුළත ඇති ඇතැම් පේශි සංකෝචනය වීමෙන් රෝම උද්දීපනය වේ. මේ නිසා රෝම අතර වාතය රැඳී සිරුර පුරා වාත ස්ථරයක් සෑදේ. වාතය දුර්වල තාප සන්නායකයක් බැවින් ශරීරයෙන් පිටතට තාපය ගලා යාම අඩුවේ.

* ගෙවල් සාදන අවස්ථාවලදී මුක්කු ගැසීමට සිදුවන විට ඒ සඳහා යොදා ගන්නා උණ බම්බු කෙලින් පොළව මත සිටුවනවා වෙනුවට පැතලි ලෑල්ලක් මත සිටුවනු ලැබේ.පෘෂ්ඨීය ක්ෂේත‍්‍රඵලය අඩුවන විට පීඩනය වැඩිවේ. උණ බම්බුවේ පතුලේ ක්ෂේත‍්‍රඵලයට වඩා පැතලි ලෑල්ලක ක්ෂේත‍්‍රඵලය වැඩිය. එමනිසා පැතලි ලෑල්ලක් මත තැබීමෙන් උණ බම්බුව මඟින් ඇති කරන පීඩනය අඩුවන බැවින් පොළව තුළට ගිලා බැසීම අඩුවේ.

* යම් ද්‍රව්‍යයක් විශාල කැට වශයෙන් යෙදීමට වඩා සිහින් කුඩු වශයෙන් ද්‍රාවකයට එකතු කිරීමෙන් දිය කිරීම පහසුය.යම් ද්‍රව්‍යයක් ද්‍රාවකයක දියවීමේදී ද්‍රාවකය හා ගැටෙන ද්‍රව්‍යයේ පෘෂ්ටීය ක්ෂේත‍්‍රඵලය වැඩි නම් ද්‍රාවණය වීම වේගවත් වේ. කැට වලට වඩා කුඩුවල පෘෂ්ඨීය ක්ෂේත‍්‍රඵලය වැඩි බැවින් පහසුවෙන් දියවේ.

* ලංකාවේ ගලගණ්ඩය (වායු ගෙඩි) රෝගය වැඩි වශයෙන් වාර්තා වන්නේ රටේ මැද ප‍්‍රදේශවල වෙසෙන අයගෙනි.රටේ මැද ප‍්‍රදේශවල වාසය කරන අයට වැඩිපුර මුහුදු මාළු පරිභොජනය කිරීමේ අවස්ථාව අහිමිවේ. එම නිසා ශරීරයට ලැබෙන අයඩින් ප‍්‍රමාණය අවම වීමෙන් තයිරොයිඩ් ග‍්‍රන්ථිය ඉදිමීමට පටන් ගනී. මෙය ගලගණ්ඩය රෝගයයි. මෙම රෝගය වළක්වා ගැනීම සඳහා නිතර භාවිතයට ගන්නා දියලුණුවලට අයඩින් එකතු කර ඇත.

* පිත්තල හැන්දකින් අච්චාරු බෙදීම නුසුදුසුය.පිත්තල සාදා ඇත්තේ තඹ හා තුත්තනාගම් එකතු කිරීමෙනි. අච්චාරු වල විනාකිරි එනම් ඇසිටික් අම්ලය අඩංගුය. මෙම ලෝහ හා අම්ල අතර ප‍්‍රතිකි‍්‍රයා සිදුවීමෙන් කොපර් ඇසිටේට් සෑදේ. මේවා ශරීරයට විස සහිත නිසා හානි පැමිණීමට හැකිය.

* කෙසෙල් පැළයක් සිටුවීමේදී එහි කොළ කපා දමා සිටුවනු ලැබේ.කෙසෙල් පැළයක් සිටවූ සැනින්ම එහි මුල් හට නොගනී. මුල් හටගෙන පසේ ඇති ජලය ශාඛයට උරා ගැනීමට දින ගණනාවක් ගතවේ. පැළයේ කොළ නොකැපූවිට උත්ස්වේදනය වේගයෙන් සිදුවීම නිසා ශාඛයට ජලය නොලැබී වියළී යාමට ඉඩ තිබේ. පැළයේ කොළ කපා දැමීමෙන් උත්ස්වේදනය අඩුවී ජලය ආරක්ෂා වේ.

* විදුලි කෙටීමෙන් ස්වල්ප වේලාවකට පසු ගොරවන හඬ ඇසෙ.වළාකුළු දෙකක් එකිනෙක ගැටීමෙන් ඒවා අතර ඇතිවන ආරෝපණ හේතුවෙන් විදුලි කෙටීමත් ගොරවන හඬත් එකම අවස්ථාවකදී ඇතිවේ. නමුත් ආලෝකයේ වේගය ධ්වනියේ (ශබ්දයේ) වේගයට වඩා වැඩි නිසා පළමුව ආලෝකයත් පසුව ගොරවන හඬත් ඇසේ.

* පෙට‍්‍රල් මඟින් ඇතිවූ ගින්නකට ජලය දමා නිවීමට තැත් කළ විට ගින්න තවත් වැඩිවේ.පෙට‍්‍රල් වලට වඩා ජලයේ ඝනත්වය වැඩි නිසා ජලය පතුලට ගොස් පෙට‍්‍රල් ඉහළට මතුවේ. එවිට ඔක්සිජන් සමඟ සම්බන්ධතාවය වැඩි වන නිසා ගින්න තවත් වැඩිවේ. මේ නිසා පෙට‍්‍රල් ගින්නක් නිවීම සඳහා වැලි භාවිතා කරයි.

* සමහර අය ඉස්සන්, කකුළුවන්, තක්කාලි ආදිය ආහාරයට ගත් විට සමේ පළු මතුවේ.මෙම තත්ත්වයට ‘අසාත්මිකතාව‘ යැයි කියනු ලැබේ. මෙම තත්ත්වය ඇති කරන ඉහත සඳහන් ආහාර ආසත්මීකාරක වේ. සමහර අයගේ ශරීරයේ මෙම ආසත්මීකාරක වලට අධික සංවේදීතාවයක් ඇති කර රුධිරයේ ප‍්‍රතිදේහ හා ප‍්‍රතිදේහජනක අතර ප‍්‍රතිකි‍්‍රයා ඇති කරන රසායන ද්‍රව්‍ය උපදවයි. එය සමේ පළු ඇති කිරීමට හේතු වේ.

* ඇඹුල් සහිත ආහාර ගැනීමෙන් අපේ දත් හිරි වැටේ.ඇඹුල් සහිත ආහාර වල ඇති ආම්ලික ගතිය නිසා දත්වල මතුපිට එනැමලය තරමක් දුරට විනාශ වේ. එවිට ස්නායු විවෘත වීමෙන් දත් හිරි වැටීම සිදුවේ.

* ලෑල්ලකට ඇණයක් ගැසීමේදී මොට ඇණයකට වඩා තියුණු තුඩක් ඇති ඇණයක් හොඳින් කිඳා බසී.ඇණය ලෑල්ල තුළට ගමන් කරන්නේ ඇණය මත ඇති කරන පීඩනය අනුවය. මොට ඇණයක එහි තුඩෙහි වර්ගඵලය වැඩි නිසා කි‍්‍රයාකරන බලය අඩුවී ඇණය කිඳා බැසීම අඩුවේ. ඇණයේ තුඩ තියුණු වූ විට එහි වර්ගඵලය අඩුවන නිසා බලය වැඩිවී ලෑල්ල තුළට ඇණය පහසුවෙන් කිඳා බසී.

* වෙළෙඳ පොළේ ඇති පැණිබීම පානයට වඩා තැඹිලි වතුර පානය කිරීම ;සෟඛ්‍යයට හිතකරය.පැණිබීම වල පැණි රස ඇති කිරීමට ශරීරයට අහිතකර සැකරින් වැනි ද්‍රව්‍යය දමනු ලැබේ. එමෙන්ම පාට ගැන්වීම සඳහා නොයෙක් අහිතකර ඩයි වර්ග භාවිතා කරයි. ඉන් ශරීරයට හානි සිදුවේ. නමුත් තැඹිලි වතුර යනු ස්වභාවික පානයකි.

* ශාඛ ස්වභාවයෙන්ම වාතය පිරිසුදු කරන්නෝය.ශාඛවල ආහාර නිෂ්පාදනය හෙවත් ප‍්‍රභාසංස්ලේෂණයේ දී කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගනී. සතුන්ගේ ශ්වසනයේදී හා කර්මාන්තශාලා මඟින් පරිසරයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් නිසා පරිසරය අපිරිසුදු වී ඇත. නමුත් ශාඛ මඟින් ආහාර නිෂ්පාදනය සඳහා මෙම කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රයෝජනයට ගෙන සතුන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් පිට කරන නිසා ස්වභාවයෙන්ම වාතය පිරිසුදු වේ.

* ලී කුඩුවල දැවටූ අයිස් කැටයක් ඉක්මනින් දිය නොවේ.අයිස් කැටයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුවට වඩා වැඩිවූ විට දියවීමට පටන් ගනී. එසේ අයිස් කැටය තාපය අවශෝෂණය කර (උරා) ගන්නේ අයිස් කැබැල්ල අවට ඇති ද්‍රව්‍යවලිනි. ලී කුඩු වලින් තාපය ලබා ගැනිමට අයිස් කැටයට නොහැකි වේ. මේ නිසා අයිස් කැටය දියවීම ප‍්‍රමාද වේ.

Written by

We are Creative Blogger Theme Wavers which provides user friendly, effective and easy to use themes. Each support has free and providing HD support screen casting.

0 comments:

Post a Comment

 

© 2013 FOR CHANGE. All rights resevered. Designed by Templateism

Back To Top