මුලින්ම කියන්න ඔං මම නැ මෙව්වට.
දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව
එල්ටීටීඊ සංවිධානය යනු 1976 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර භූමියෙන් වෙන්වූ වෙනමම රාජ්‍යයක් ඉල්ලා සටන් වැදුණු බෙදුම්වාදී සංවිධානයකි. ශ්‍රී ලංකාවේ හැරුණු විට, එල්ටීටීඊ සංවිධානය ඉන්දියාව, එක්සත් ජනපදය, කැනඩාව, සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ක, තහනම් කරනු ලැබූ ත්‍රස්ථ සංවිධානයකි.[1][2][3] එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානයේ නායකයා වූවේ, 2009 වසරේදී හමුදා ප්‍රහාරයකින් මියගිය වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ය.පහත ලැයිස්තු ගත කොට තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ ත්‍රස්ථවාදී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විසින්, ඉතිහාසය පුරාවට මිනිස් ජීවිත ඉලක්ක කොට ගෙන එල්ල කරන ලද ප්‍රහාර ලැයිස්තුව වේ. ඊට ඔවුන් විසින් සිදුකෙරූ මනුෂ්‍ය සමූලඝාතන, බෝම්බ ප්‍රහාර, මංකොල්ලකෑම්, වාර්ගික පළවාහැරීම්, හමුදාව සමග ඇතිකරගත් ගැටුම් සහ පුද්ගල ඝාතනය කිරීම් අයත් වෙයි.
එල්ල කල අතිශය දරුණු ප්‍රහාර
කාලානුරූපව ප්‍රහාර සිදුකල පිළිවෙල
1972
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල ජාතිකයන් | දෙමළ ජාතිකයන් | මුස්ලිම් ජාතිකයන් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| සැප්තැම්බර් 17 | දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ පැවැති සැණකෙලියකට දෙමළ නව කොටි බෝම්බ ගැසූහ. | යාපනය, යාපනය දිස්ත්‍රික්කය | නොදනී | [11] |
1974
- 1974 පුරා, දෙමළ නව කොටීන් සහ අනෙකුත් දෙමළ සටන්කාමී කණ්ඩායම් විසින් යාපනය නගරාධිපති සහ යාපනය වැසියන් ඉලක්ක කොට බොහෝ බෝම්බ ප්‍රහාර එල්ල කලහ.[11]
මේවා අතර:
- කන්කසන්තුරෙයි පොලිස් ස්ථානයෙහිවූ ජීප් රථයකට අත් බෝම්බ දමා ගැසීම [තහවුරු කරන්න]
- කොමියුනිස්ට් පක්ෂ සාමාජීකයෙක් වූ වී. පොන්නම්බලම් මහතාගේ නිවසෙහි ඩයිනමයිට් දැල්වීම [තහවුරු කරන්න]
- විශාල අලාභහානි සිදුකරමින් චෙන්කතනෙයි දුම්රිය ස්ථානයට ඩයිනමයිට් දල්වා විසි කිරීම [තහවුරු කරන්න]
- යාපනය ප්‍රධාන කඩමණ්ඩියෙහි (ග්‍රෑන්ඩ් බසාර්) බෝම්බ පිපිරවීම [තහවුරු කරන්න]
- ලංගම බස්රථ ගිනි තැබීම[11]
1975
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජූලි 27 | කණ්ඩායම විසින් සිදු කල පළමු ප්‍රධාන ප්‍රහාරය ලෙසින් සැලකෙන්න සිදු කරමින් දෙ.ඊ.වි.කො. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් යාපනය නගරාධිපති ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා වෙඩි තබා ඝාතනය කිරීම. | යාපනය, යාපනය දිස්ත්‍රික්කය | 1 | 1 | [12] |
1976
1976 දී, දෙ.ඊ.වි.කො. විසින් ඉවක් බවක් නොමැතිව සොරකම් වැලක් කලහ.
1976 මාර්තු හිදී, දෙ.ඊ.වි.කො. සාමාජිකයන් විසින් පුත්තූර් මහජන බැංකුව කොල්ල කා රු. 668,000 වටිනා මුදල් හා ස්වර්ණාභරණ පැහැර ගත්හ.[තහවුරු කරන්න] මෙයට පසුව ඔවුහූ පුලෝලි සහ මාදගල් හි විවිධ සේවා සමූපකාර සමිති කොල්ල කෑහ
1977
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| පෙබරවාරි 14 | දෙ.ඊ.වි.කො. සංවිධානයේ අපරාධ විමර්ෂණයට පෙනී සිටි පොලිස් කොස්තාපල් කරුණානිධි වෙඩි තබා ඝාතනය කිරීම. | මාවිද්දපුරම්, යාපනය දිස්ත්‍රික්කය | 1 | 1 | [11] | ||
| මැයි 18 | දෙ.ඊ.වි.කො. සංවිධානයේ අපරාධ විමර්ෂණයට පෙනී සිටි තවත් දමිළ නිළදාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම. | ඉනුවිල්, යාපනය දිස්ත්‍රික්කය | 2 | 2 | [11] |
1978
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි | පක්ෂ මාරුකිරීමක් හේතුවෙන් දෙමළ කොටි නායක උමා මහේෂ්වරන්විසින්, කේ. කනගරත්නම් මහතාගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීම. | කොල්ලුපිටිය, කොළඹ දිස්ත්‍රික්කය | 1 | [11] | |||
| අප්‍රියෙල් 7 | පරික්ෂක බැස්ටියන්පිල්ලේ, උප-පරික්ෂක පෙරම්පාලන් සහ ඔවුන් ගමන් ගත් රථයේ රියදුරා ඝාතනය කිරීම. බැස්ටියන්පිල්ලේ මහතාගේ ශරීරය අංගඡේදනය කිරීම, රථයේ රේඩියෝ උපකරණ ගලවාගැනීම සහ රථයට ගිනි තැබීම. | මුරුකන්, මන්නාරම දිස්ත්‍රික්කය | 3 | 3 | [11] | ||
| මැයි | සිය නිවස තුලදී පරික්ෂක පද්මනාදන් මහතා ඝාතනය. | යාපනය, යාපනය දිස්ත්‍රික්කය | 1 | 1 | [11] | ||
| ජුනි | පරික්ෂක කුමරු මහතා ඝාතනය. | වැල්වැටිතුරෙයි, යාපනය දිස්ත්‍රික්කය | 1 | 1 | [11] | ||
| දෙසැම්බර් 5 | නල්ලූර් මහජන බැංකුවේදී පොලිස් කොස්තාපල් කිංස්ලි පෙරේරා සහ සචිතනාදන් ඝාතනය කිරීම හා බැංකුවෙන්, මුදලින් රුපියල් මිලියනයකට වඩා මුදලක් කොල්ලකෑම. | නල්ලූර්, යාපනය දිස්ත්‍රික්කය | 1 | 1 | 2 | [11] |
- ජුලි මසදී, කොල්ලකෑම් 4 ක් සිදු කිරීම.
- ලංගම බස් රථ දෙකකින්,
- වෑන් රථයකින්,
- සංචාරක වෙළෙන්දෙකුගෙන් රු. 15,000 ක් කොල්ලකන ලදී.[11]
- සැප්තැම්බරයේදී ලංගම බසයකට ගිනි තැබීම.[11]
- පේදුරු තුඩුවේදී පාසල් ගුරුවරයෙකුගේ වැටුප කොල්ලකෑම.[11]
- 1978 සැප්තැම්බර් 7 දිනදී කන්කසන්තුරේ සිට කොළඹ බලා ගමන් කරන එයාර් සිලෝන් ගුවන් යානයක බෝම්බයක් ඇටවීම හා ගොඩබැසුම් යාත්‍රාංගණයේදී එය පුපුරා යාම.[11]
1979
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| දෙ.ඊ.වි.කො. සංවිධානයට එරෙහිව පොලීසියට සාක්ෂි සැපයීම හේතුවෙන් Chankanai හී එස්. ඒ. එමානුවෙල්, කොන්ඩවිල් හී තාඩි තංගරාජා, වැල්වටිතුරෙයි හී ක්‍රිෂ්ණගොල්, චුන්නාකම් හී පූපලසිංගම් සහ තොන්ඩමන්නාර් හී සිල්වරාජා යන පිරිස ඝාතනය කිරීම. | යාපනය දිස්ත්‍රික්කය | 5 | 5 | [11] | |||
| පො.කො. ඥානසම්බන්දන්, පො.කො. සිවනේසන්, පරික්ෂක ගුරුස්වාමි, එස්. ස්වර්ණරාජා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම. | යාපනය දිස්ත්‍රික්කය | 5 | 5 | [11] |
1983
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජුලි 23 | ෆෝ ෆෝ බ්‍රාවෝ: සැඟවී එල්ල කරන ලද දෙමළ කොටි ත්‍රස්ථ ප්‍රහාරයක් හේතුවෙන් හමුදා සෙබළුන් 13 දෙනෙක් ජීවිත්ක්ෂයට පත්වීම. | යාපනය, යාපනය දිස්ත්‍රික්කය | 13 | 13 |
1984
1984 වර්ෂය, ශ්‍රී ලංකා රජය සහ දෙමළ බෙදුම්වාදීන් අතර ගැටුම් වැඩිවූ වසරක් වෙයි. එසේම දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් මනුෂ්‍ය සමූල ඝාතනය කිරීම් ආරම්භ කලේද මෙම වර්ෂයේ සිටයි.
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| නොවැම්බර් 11 | ඩොලර් ෆාම් සමූලඝාතනය: ඩොලර් ෆාම් ගම්මානයේ සිටි කුඩා දරුවන් ඇතුළු සිංහල ජාතිකයින් 33 දෙනෙකු රාත්‍රියේදී ඝාතනය කිරීම. | මුලතිව් දිස්ත්‍රික්කය | 33 | 33 | [14] | ||
| නොවැම්බර් 30 | කෙන්ට් ෆාම් සමූලඝාතනය: ඩොලර් ෆාම් ගම්මාන ප්‍රහාරයෙන් පසු, කෙන්ට් ෆාම් ගම්මානයේ සිට කුඩා දරුවන් ඇතුළු තවත් සිංහල ජාතිකයින්, 29 දෙනෙකු ඝාතනය කිරීම. නිවාස වල දේපල කොල්ලකෑම සහ ගිනි තැබීම. | මුලතිව් දිස්ත්‍රික්කය | 29 | 29 | [14] | ||
| දෙසැම්බර් 1 | කෝකිලායී සමූලඝාතනය: කෝකිලායී ධීවර ගම්මානයේ සිටි සිංහල වැසියන් 11 ඝාතනය කිරීම. | කෝකිලායී, මුලතිව් දිස්ත්‍රික්කය | 11 | 11 | [7] | ||
| දෙසැම්බර් 31 | දෙ.කොටි සංවිධානය වෙනුවෙන් සටන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දමිළ වැසියන් 30 දෙනෙකු ඝාතනය කිරීම. | මඩකලපුව, මඩකලපුව දිස්ත්‍රික්කය | 30 | 30 | [15] |
1985
1985 වර්ෂය, ත්‍රස්ථවාදීන්ගේ මිලේච්ඡ ප්‍රහාර උපරිම වූ වසරක් ලෙස සැලකේ. ප්‍රථම වතාවට සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශයකදී, නිරායුධ සිවිල් වැසියන් 146 දෙනෙකු ඝාතනය කිරීමට කොටි ත්‍රස්ථවාදීහූ පෙළඹුනහ. මෙම සිදුවීම ශ්‍රී ලංකාව තුල පමණක් නොව ලොව පුරා කම්පනයක් ඇතිකිරීමට සමත් විය.
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 20 | දෙමළ කොටි විසින් දුම්රියක් තුල පුපුරුවා හැරීමක් සිදුකිරීම හේතුවෙන් සෙබළුන් 22 ක් සහ සිවිල් වැසියන් 10 දෙනෙකු ඝාතනය වීම. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | 33 | 33 | [16] | ||
| මැයි 5 | විල්පත්තු සිංහල ගම්මානයේ සිටි, කුඩා දරුවන් ඇතුළු 18 දෙනෙකු ඝාතනය කිරීම. | විල්පත්තු, අනුරාධපුර දිස්ත්‍රික්කය | 18 | 18 | [17] | ||
| මැයි 14 | ශ්‍රී මහා බෝධි සමූලඝාතනය: අනුරාධපුරය ශ්‍රී මහා බෝධි පර්ශ්‍රයේ වන්දනාමාන කටයුතු සිදුකරමින් සිටි පිරිසක් ඇතුළුව, එහි සිට සිවිල් වැසියන් 146 දෙනෙකු ඝාතනය කිරීම. | අනුරාධපුරය, අනුරාධපුර දිස්ත්‍රික්කය | 146 | 146 | [18] | ||
| මැයි 14 | විල්පත්තු ජාතික වනෝද්‍යානය තුලදී තවත් සිවිල් වැසියන් 18 දෙනෙකු ඝාතනය කිරීම. (ශ්‍රී මහා බෝධි සමූලඝාතනය බලන්න). | විල්පත්තු ජාතික වනෝද්‍යානය, අනුරාධපුර දිස්ත්‍රික්කය | 18 | 18 | [7] | ||
| මැයි 30 | මහන්දාපුර සහ දෙහිවත්ත යන ගම්මානවල සිටි සිංහල සිවිල් වැසියන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | මහන්දාපුර සහ දෙහිවත්ත, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 5 | 5 | [19] | ||
| ජුනි 4 | දෙහිවත්ත ග්‍රාම සමූලඝාතනය: 100 කට වැඩි ආයුධ සන්නද්ධ කොටි පිරිසක්, දෙහිවත්ත ගම්මානයේ සිටි වැසියෝ 15 දෙනෙකු ඝාතනය කිරීම. මියගිය බොහෝ දෙනෙකු කුඩා දරුවන් සහ කාන්තාවෝ වූහ. | දෙහිවත්ත, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 15 | 15 | [17] | ||
| ජුනි 11 | දෙහිවත්ත ග්‍රාමයේදී තවත් සිවිල් වැසියෝ 13 දෙනෙකු ඝාතනය කිරීම. | දෙහිවත්ත, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 13 | 13 | [7] | ||
| අගෝස්තු 2 | රුහුණු සෝමාවතිය විහාරයේ සිටි භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ඇතුළුව, සිංහල සිවිල් වැසියන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.. | ත්‍රිකෝණමඩු, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 6 | 6 | [7] | ||
| අගෝස්තු 14 | අරන්තලාව ග්‍රාම සමූලඝාතනය: ගම්මානයේ සිංහල වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම. | අරන්තලාව, අම්පාර දිස්ත්‍රික්කය | 7 | 7 | [17] | ||
| අගෝස්තු 18 | නාමල්වත්ත ග්‍රාම සමූලඝාතනය I: ගම්මානයේ වැසියන් 7 දෙනෙකු කපා ඝාතනය කිරීම. | නාමල්වත්ත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 7 | 7 | [17] | ||
| නොවැම්බර් 7 | නාමල්වත්ත ග්‍රාම සමූලඝාතනය II: ගම්මානයේ සිටි කුඩා දරුවන් ඇතුළු 10 දෙනෙකු ඝාතනය කිරීම. | නාමල්වත්ත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 10 | 10 | [17] | ||
| දෙසැම්බර් 20 | 12 වැනිදා පැහැරගැනීමට ලක්වූ මඩු වන්දනාවේ පැමිණි පිරිසක්, ඝාතනය කිරීම. | මන්නාරම, මන්නාරම දිස්ත්‍රික්කය | 6 | [7] |
1986
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| පෙබරවාරි 2 | කන්තලේ ග්‍රාම සමූලඝාතනය: කඩු ඇතුළු ආයුධ සන්නද්ධව පැමිණි දෙමළ කොටි සාමාජිකයෝ පිරිසක්, කන්තලේ ග්‍රාමයහි සිවිල් වැසියන් 19 දෙනෙකු ඝාතනය කිරීම. | කන්තලේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 19 | [20] | |||
| පෙබරවාරි 19 | සේරුනුවර, දෙහිවත්ත යන ග්‍රාමවල සිට හමුදා රැකවරණ සහිතව ඇල්ල/කන්තලේ මාර්ගයේ පැමිණෙමින් සිටි සරණාගතයින් පිරිසකට, බෝම්බයක් එල්ල කිරීම සහ, ඉන් හමුදා භටයන් 4 දෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් 35 දෙනෙකු ඝාතනය වීම. | සිට්ටරු කන්තලේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 39 | [7] | |||
| මැයි 3 | එයාර් ලංකා යූඑල්512 පියාසැරිය : එයාර් ලංකා යානයක අටවන ලද බෝම්බයක් පුපුරා යාම සහ, ඉන් විදේශිකයින් 13 ක් ඇතුළුව යානයේ සිටි 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම. (බ්‍රිතාන්‍යයින් 3, ජර්මානුවන් 2, ප්‍රංශ ජාතිකයින් 3, ජපානුවන් 2, මාලදිවයන් ජාතිකයෙකු සහ පකිස්තානුවෙකු අනතුරින් මිය ගියහ) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළහි සිටි 41 දෙනෙකු තුවාල ලැබීම. | කටුනායක, බස්නාහිර පළාත | 21 | [7][21] | |||
| මැයි 5 | කින්නියා ග්‍රාම සමූලඝාතනය: ග්‍රාමයේ සිටි මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකු අඩන්තේට්ටම් වලට ලක්කොට ඝාතනය කිරීම. | කින්නියා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 4 | 4 | [20] | ||
| මැයි 6 | මධ්‍යම විදුලිසංදේශ කාර්යාල බෝම්බය: කොළඹ මධ්‍යම විදුලිසංදේශ කාර්යාලය තුල බෝම්බයක් පුපුරුවා හරිමින් කාර්යාලයේ සිටි 14 දෙනෙකු ඝාතනය කිරීම. | කොළඹ | 14 | [20] | |||
| මැයි 25 | මහදිවුලවැව ග්‍රාම සමූලඝාතනය: ගම්මානයේ සිටි සිංහල වැසියන් 20 දෙනෙකු ඝාතනය කිරීම සහ නිවාස වලට ගිනි තැබීම. | මහදිවුලවැව, අනුරාධපුර දිස්ත්‍රික්කය | 20 | 20 | [7][20] | ||
| ජුනි 2 | ත්‍රිකුණාමලය 3න් වන සැතපුම් කණුව සමූලඝාතනය: සැතපුම් කණුව අසල තිබූ නිවාස වල සිටි වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම. | ත්‍රිකුණාමලය | 10 | [20] | |||
| ජුනි 4 | අඬන්කුලම් ග්‍රාම සමූලඝාතනය: බක්මුණේ සුබද්දාලංකාර භික්ෂූන් වහන්සේ ඇතුළුව ගම්මානයේ වැසියන් 17–20 ප්‍රමාණයක් ඝාතනය කිරීම. | අඬන්කුලම්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 17–20 | 17–20 | [7][20] | ||
| ජුනි 11 | කන්තලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවැති බස් රථ දෙකක අටවන ලද බෝම්බ දෙකක් පුපුරා යාමෙන් සිවිල් වැසියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සහ 75 දෙනෙකු තුවාල ලැබීම. ත්‍රිකුණාමලය ලංකා බැංකු ශාඛාව අසලදී සහ SP කාර්යාල අසලදී බෝම්බ පුපුරා යන ලදී. | ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 22 | [7][20] | |||
| ජුනි 21 | විල්ගම්වෙහෙර ග්‍රාම සමූලඝාතනය: විල්ගම්වෙහෙර කුඩාග්‍රාමයෙහි වැසියන් 9 දෙනෙකු ඝාතනය කිරීම. | විල්ගම්වෙහෙර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 9 | [20] | |||
| ජුනි 25 | වාහනයක අටවන ලද බෝම්බයක් පුපුරා යාමෙන් සිංහල ජාතිකයින් 16 දෙනෙකු ඝාතනය වීම. | සිට්ටරු, කන්තලේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 16 | 16 | [7] | ||
| ජුලි 8 | Monkey Bridge ග්‍රාම සමූලඝාතනය: ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් 15 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | Monkey Bridge, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 15 | 15 | [7][20] | ||
| ජුලි 9 | මොල්ලිපොතාන ග්‍රාම සමූලඝාතනය: ග්‍රාමයෙහි සිටි වැසියන් 16 දෙනෙකු රාත්‍රී ප්‍රහාරයකින් ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් මිය ගිය බොහෝ දෙනෙක් කුඩා දරුවන් සහ කාන්තාවෝ වූහ. | මොල්ලිපොතාන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 16 | [20] | |||
| ජුලි 13 | පාවක්කුලම් ග්‍රාම සමූලඝාතනය: දෙමළ ජාතිකයින් 9 දෙනෙකු සහ සිංහල ජාතිකයින් 2 දෙනෙකු ඝාතනය කිරීම. | පාවක්කුලම්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 2 | 9 | 11 | [7][20] | |
| ජුලි 19 | බේරුවිල් සහ වඩිගවැව ග්‍රාම සමූළඝාතන: ආයුධ සන්නද්ධව පැමිණි 100කට අධික ත්‍රස්ථ සාමාජිකයෝ පිරිසක්, බේරුවිල් සහ වඩිගවැව ග්‍රාමයන් හී වැසියන් 17 දෙනෙකු ඝාතනය කිරීම සහ, 5 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම. | බේරුවිල් සහ වඩිගවැව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 17 | [20] | |||
| ජුලි 19 | වඩිගවැව ග්‍රාමයේ සිවිල් වැසියන් 12 දෙනෙකු ඝාතනය කිරීම. | වඩිගවැව, උතුරු මැද පළාත | 12 | 12 | [7] | ||
| ජුලි 22 | සිවිල් බස් රථයක් ඉලක්ක කොට බිම් බෝම්බයක් පුපුරුවා හැරීමෙන්, සිංහල ජාතිකයින් 32 නෙකු ඝාතනය කිරීම සහ 20 දෙනෙකුට තුවාල සිදු කිරීම. | මම්මාඩුව, වවුනියාව දිස්ත්‍රික්කය | 32 | 32 | [තහවුරු කරන්න] | ||
| ජුලි 24 | වව්නියාව සිට අනුරාධපුරය බලා ගමන් කල බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හරිමින්, බසයේ ගමන් ගත් 13 දෙනෙකු මරා දැමීම. පිපිරීමෙන් 40 දෙනෙකු තුවාල ලැබූහ. | 13 | [7] | ||||
| ජුලි 24 | දමන සිංහල ග්‍රාමයේ සිටි පුද්ගලයෝ නම දෙනෙක් ඝාතනය කිරීම, සහ 13 දෙනෙකුට තුවාල සිදු කිරීම. | දමන, මධ්‍යම පළාත | 9 | [7] | |||
| සැප්තැම්බර් 17 | කන්තලේ සමූලඝාතනය: කන්තලේ සීනී සංස්ථාවේ, කාණ්ඩ අංක 4 හි වූ සිවිල් වැසියන් 10 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | කන්තලේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 7 | 1 | 2 | 10 | [7] |
| සැප්තැම්බර් 17 | වඩිගවැව ග්‍රාම සමූලඝාතනය: කන්තලේ ප්‍රහාරය සිදුකල දෙමළ කොටි පිරිසම, වඩිගවැව ග්‍රාමයේ සිටි කුඩා දරුවන් හා කාන්තාවන් ඇතුළු වැසියන් 12 ක් ඝාතනය කොට මරා දැමීම. | වඩිගවැව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 12 | [20] |
1987
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| පෙබරවාරි 4 | මාන්තොටම් සමූලඝාතනය: මාන්තොටම් ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් අටදෙනෙකුට දරුණු ලෙස අඩන්තේට්ටම් කොට ඝාතනය කිරීම. (ගම්වාසීහූ මෙවැනි ප්‍රහාරයක් එල්ල වේ යැයි අවධානයෙන් සිටීමත්, ප්‍රහාරය ක්‍රියාත්මක වන විටදී අවට වනලැහැබ් තුල සැඟවීම නිසාත් මරණ සංඛ්‍යාව අඩුවූ බව පැවසේ.) | මාන්තොටම්, මන්නාරම දිස්ත්‍රික්කය | 8 | - | - | 8 | [22] |
| පෙබරවාරි 7 | අරන්තලාව සමූලඝාතනය: කාන්තාවන්, දරුවන් ඇතුළුව සිවිල් වැසියන් 27 ත් 28 ත් ප්‍රමාණයක් රාත්‍රි ප්‍රහාරයකින් ඝාතනය කිරීම. (කඩු, මන්නා වැනි තියුණු ආයුධ භාවිතයෙන් ඝාතන සිදු කර තිබුණි.) | අරන්තලාව, අම්පාර දිස්ත්‍රික්කය | ? | ? | ? | 27-28 | [7][22] |
| මාර්තු 7 | අවරන්තලාව සමූලඝාතනය: බිමි බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් 6 දෙනෙකු, හමුදා සෙබළුන් 7 දෙනෙකු සහ NAF භටයින් 4 දෙනෙකු ඝාතනය කිරීම. | අවරන්තලාව, වවුනියාව දිස්ත්‍රික්කය | ? | ? | ? | 17 | [7][22] |
| මාර්තු 22 | සේරුනුවර හොරොව්පතාන සමූලඝාතනය: ග්‍රාමයෙහි සිටි සිංහල සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කිරීම. | සේරුනුවර හොරොව්පතාන | 26 | ? | ? | 26 | [7][22] |
| මාර්තු 25 | සේරුනුවර සමූලඝාතනය: ගම්මානයේ සිටි කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු සිංහල වැසියන් 25 දෙනෙකු මහා මාර්ගය වෙත දක්කා අවුත්, වෙඩි තබා ඝාතනය කිරීම. | සේරුනුවර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 25 | - | - | 25 | [22] |
| අප්‍රියෙල් 17 | හබරණ සමූලඝාතනය: පොලිස් සහ ආරක්ෂක භටයින් 31 ක් ඇතුළුව, වැසියන් 127 දෙනෙකු ඝාතනය කිරීම. (හමුදා නිල ඇඳුමින් සැරසුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීහූ, ත්‍රිකුණාමලය වෙත ගමන් කරමින් තුබූ බස් රථ 3 ක් සහ ට්‍රක් රථ 2ක් නවත්වා, ඒවායේ සිටි ජනයා ඉවතට ඇද වෙඩි තබා ඝාතනය කොට තිබුණි.) | හබරණ, අනුරාධපුර දිස්ත්‍රික්කය | 127 | - | - | 127 | [7][8] |
| අප්‍රියෙල් 20 | ජයන්තිපුර සමූලඝාතනය: ජයන්තිපුර ගම්මානයේ සිටි සිංහල සිවිල් වැසියන් 15 දෙනෙකු ඝාතනය කිරීම. | ජයන්තිපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 15 | - | - | 15 | [22] |
| අප්‍රියෙල් 21 | මධ්‍යම බස් නැවතුම්පල බෝම්බය: කොළඹ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල පර්යන්තයෙහි බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් 113 දෙනෙකු ඝාතනය කිරීම, සහ 298 දෙනෙකුට තුවාල සිදු කිරීම. | පිටකොටුව, කොළඹ දිස්ත්‍රික්කය | ? | ? | ? | 116 | [22] |
| අප්‍රියෙල් 21 | ජයන්තිපුර සමූලඝාතනය: ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් 15 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | ජයන්තිපුර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 15 | ? | ? | 15 | [22] |
| මැයි 29 | කඩවත්මාඩු ප්‍රහාරය: කඩවත්මාඩු සිංහල ග්‍රාමයෙහි සිටි වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම සහ 5 දෙනෙකුට තුවාල සිදු කිරීම. (ත්‍රස්ථවාදී තර්ජන හේතුවෙන් ගම්වාසීහූ, ගම්මානය අවට වනපෙත් තුල රාත්‍රිය ගත කොට තුබූ නිසා ඝාතන ප්‍රමාණය අඩුවූ බව පැවසෙයි). | කඩවත්මාඩු, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 7 | - | - | 7 | [7][22] |
| ජුනි 2 | අරන්තලාව භික්‍ෂු ඝාතනය: ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය තුල සිදුවූ දරුණුතම සහ මිලේච්ඡතම භික්ෂූන්වහන්සේලා ඝාතනය මෙය වෙයි. බස්රථයකින් ගමන් කරමින් සිටි භික්ෂූන් වහන්සේලා 32 නමක් කපා කොටා ඝාතනය කිරීම. | අරන්තලාව | 32 | - | - | 32 | [22][23] |
| ජුනි 5 | නෙල්ලිඅඩි ප්‍රහාරය: පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද ට්‍රක් රථයක් ශ්‍රී ලංකා හමුදාවට අයත් නෙල්ලි අඩි කඳවුර වෙත ධාවනය කරවා, එහි සිටි 50 කට අධික හමුදා භටයින් පිරිසක් ඝාතනය කිරීම. | නෙල්ලිඅඩි, යාපනය දිස්ත්‍රික්කය | 50 | - | - | 50 | [22] |
| ජුනි 11 | වෙප්පන්කුලම් ප්‍රහාරය: හොරොව්පතාන සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ වෑන් රථයක සිටි හමුදා භටයෙකු සහ සිවිල් වැසියන් 13 දෙනෙකු ඝාතනය කිරීම. | වෙප්පන්කුලම්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | ? | ? | ? | 14 | [7][22] |
| ජුනි 12 | ගොඩපොත්ත සමූලඝාතනය: විහාරස්ථානයක රැස්වීමකට සහභාගීවෙමින් සිටි, හමුදා භටයෙකු ඇතුළු ගම්වාසීන් 8 දෙනෙකු ඝාතනය කිරීම සහ, 6 දෙනෙකුට තුවාල සිදු කිරීම. | ගොඩපොත්ත, පොළොන්නරුව දිස්ත්‍රික්කය | ? | ? | ? | 9 | [7][22] |
| ජුනි 21 | ගොඩපොත්ත සමූලඝාතනය: ග්‍රාමයෙහි සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම, එක් අයෙකු තුවාල ලැබීම (ත්‍රස්ථවාදී තර්ජන හේතුවෙන් ගම්වාසීහූ, ප්‍රහාරය සිදු වන විට ගම්මානය අවට වනපෙත් තුලට පලායාම නිසා මරණ සංඛ්‍යාව අඩුවූ බව පැවසෙයි). | ගොඩපොත්ත, පොළොන්නරුව දිස්ත්‍රික්කය | ? | ? | ? | 8 | [22] |
| ජුලි 29 | තොප්පූර් සමූලඝාතනය: ගම්මානයේ සිටි සිවිල් වැසියන් නම දෙනෙකුට අඩන්තේට්ටම් සිදු කොට කපා කොටා ඝාතනය කිරීම. | තොප්පූර්, යාපනය දිස්ත්‍රික්කය | ? | ? | ? | 9 | [22] |
| ඔක්තෝම්බර් 6 | සිංහල සිවිල් වැසියන් 18 දෙනෙකු ඝාතනය. | මඩකලපුව, මඩකලපුව දිස්ත්‍රික්කය | 18 | - | - | 18 | [7][22] |
| ඔක්තෝම්බර් 6 | තරාවි සමූලඝාතනය: ගම්මානයට කඩා වැදුණු 100 කට අධික දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ගම්මානයේ සිටි කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් ඇතුළු සිවිල් වැසියන් 25 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම. | තරාවි, මඩකලපුව දිස්ත්‍රික්කය | 25 | - | - | 25 | [7][22] |
| ඔක්තෝම්බර් 6 | සාගරපුර සමූලඝාතනය: ගම්මානයේ තුබූ නිවසින් නිවස වෙත කඩා වදිමින්, එහි සිටි සිවිල් වැසියන් 27 දෙනෙකු තියුණු ආයුධ වලින් කපා ඝාතනය කිරීම. නිවාස කොල්ලකෑම සහ තුවාල ලැබූවන් සමගම නිවාස ගිනි තැබීම. | සාගරපුර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 27 | - | - | 27 | [7][22] |
| ඔක්තෝම්බර් 6 | වාලච්චේන සමූලඝාතනය: මඩකළපුවේ සිට එමින් පැවැති රාත්‍රී තැපැල් දුම්රිය නවත්වා එහි ගමන් කරමින් සිටි සිංහල වැසියන් 40 දෙනෙකු ඝාතනය කිරීම. | වාලච්චේන, මඩකලපුව දිස්ත්‍රික්කය | 40 | - | - | 40 | [7][22] |
| ඔක්තෝම්බර් 7 | පොතුවිල් මොණරාගල මාර්ග සමූලඝාතනය: බසයක ගමන් කරමින් සිටි සිංහල වැසියන් 25 දෙනෙකු සහ එම මාර්ගයේම ගමන් කරමින් සිටි යතුරු පැදිකරුවන් 5 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම. | පොතුවිල්, අම්පාර දිස්ත්‍රික්කය | ? | ? | ? | 30 | [7][22] |
| ඔක්තෝම්බර් 10 | ගන්තලාව සමූලඝාතනය: ගන්තලාව කුඩා ගම්මානයෙහි සිටි සිවිල් වැසියන් 9-10 පිරිසක් තියුණු ආයුධ වලින් මරා දැමීම සහ තිදෙනෙකුට තුවාල සිදු කිරීම. | ගන්තලාව | 9-10 | - | - | 9-10 | [7][22] |
| ඔක්තෝම්බර් 15 | ඇල්ල කන්තලේ සමූලඝාතනය: ඇල්ල කන්තලේ සිංහල ග්‍රාමයෙහි සිටි කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් 14 දෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීම. | ඇල්ල කන්තලේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 14 | - | - | 14 | [22] |
| ඔක්තෝම්බර් 16 | පුල්මුඩේ සමූලඝාතනය: ගමන් කරමින් තුබූ බස් රථයක් නවත්වා එහි සිටි සිංහල ජනතාව වෙන් කර ගනිමින් පොලිස් නිලදාරීන් තිදෙනෙක් ඇතුළු 11 දෙනෙකු ඝාතනය කිරීම. | පුල්මුඩේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 11 | - | - | 11 | [7][22] |
| ඔක්තෝම්බර් 19 | කල්කුඩා ප්‍රහාරය: දෙමළ වැසියන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් එල්ටීටීඊ බිම් බෝම්බයකට හසුවීමෙන්, ඉන්දියානු සාම සාධක හමුදා භටයෙකු ඇතුළු එහි ගමන් ගත් 40 දෙනෙකු ඝාතනය වීම. | කල්කුඩා, මඩකලපුව දිස්ත්‍රික්කය | ? | ? | ? | 41 | [7][22] |
| නොවැම්බර් 9 | මරදාන බෝම්බය: මරදානේ පුපුරුවා හරිනු ලැබූ බෝම්බයකින් සිවිල් වැසියන් 23 දෙනෙකු සහ 106 දෙනෙකු තුවාල ලැබීම. තවත් 15 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | මරදාන, කොළඹ දිස්ත්‍රික්කය | ? | ? | ? | 38 | [22] |
| නොවැම්බර් 11 | කල්කුඩා සමූලඝාතනය: මත්ස්‍ය වෙළෙඳාමේ යෙදී සිටි සිංහලයින් 7 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | කල්කුඩා, මඩකලපුව දිස්ත්‍රික්කය | 7 | - | - | 7 | [7][22] |
| නොවැම්බර් 12 | චෙඩ්ඩිකුලම් සමූලඝාතනය: PLOTE සාමාජිකයින් 13ක් සහ දමිළ සිවිල් වැසියන් 12 දෙනෙකු ගමන් කරමින් සිටි වෑන් රථයක්, එල්ටීටීඊ විසින් වැළලූ බිම් බෝම්බයකට අසුවීම නිසා රථයේ ගමන් ගත් පිරිස මිය යාම. | චෙඩ්ඩිකුලම්, වවුනියාව දිස්ත්‍රික්කය | - | 24 | - | 24 | [7][22] |
| දෙසැම්බර් 15 | දේවාලගොඩැල්ල සමූලඝාතනය: දේවාලගොඩැල්ල සහ සෝමාවතිය ග්‍රාමයන් හී විසූ සිවිල් වැසියන් 7-9 ප්‍රමාණයක් කපා කොටා ඝාතනය කිරීම. | දේවාලගොඩැල්ල, පොළොන්නරුව දිස්ත්‍රික්කය | ? | ? | ? | 9 | [7][22] |
| දෙසැම්බර් 22 | මොරවැව සමූලඝාතනය: 5-6 ක පමණ සිංහල සහ දමිළ පිරිසක් පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් සිදුකොට ඝාතනය කිරීම. | මොරවැව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 5 | 1 | - | 6 | [7][22] |
| දෙසැම්බර් 31 | මහදිවුලවැව සමූලඝාතනය: ග්‍රාමයේ විසූ සිවිල් වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම සහ නිවාස 15 කට ගිනි තැබීම. | මහදිවුල්වැව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | ? | ? | ? | 10 | [7][22] |
| දෙසැම්බර් 31 | කාතන්කඩු සමූලඝාතනය: කාතන්කඩු මුස්ලිම් ගම්මානයේ විසූ කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු වැසියන් 30 දෙනෙකු නිවාස වලින් එලියට ඇද දමා කපා කොටා ඝාතනය කිරීම සහ ශරීර අංගඡේදනය කිරීම. | කාතන්කඩු, මඩකලපුව දිස්ත්‍රික්කය | - | - | 30 | 30 | [22] |
1988
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| මාර්තු 2 | මොරවැව ගම්මානයේ විසූ සිංහල වැසියන් 14 දෙනෙකු ඝාතනය කිරීම. | මොරවැව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 14 | 14 | [7] | ||
| මාර්තු 11 | ගමන්කරමින් තුබූ බස් රථයකට එල්ල කල අත්බෝම්බ ප්‍රහාරයකින්, රථයේ ගමන් ගත් මගීන් 19 දෙනෙකු ඝාතනය කිරීම සහ, නම දෙනෙකුට තුවාල සිදු කිරීම. | සුහදගම, හොරොව්පතාන, අනුරාධපුරය | 19 | [7] | |||
| මාර්තු 14 | ගල්මිටියාව ග්‍රාමයේ සිටි සිංහල සිවිල් වැසියන් 13 දෙනෙකු ඝාතනය කිරීම. | ගල්මිටියාව, කන්තලේ | 13 | 13 | [7] | ||
| මාර්තු 15 | කිවුල්කඩේ ග්‍රිමයෙහි විසූ සිංහල වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම. | කිවුල්කඩේ, මොරවැව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 7 | 7 | [7] | ||
| මාර්තු 17 | දීඝවාපිය ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් 13 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම. | දීඝවාපිය, දමන, අම්පාර | 13 | 13 | [7] | ||
| මාර්තු 22 | පාඩුකුලම් ගම්මානයේ සිටි සිංහල වැසියන් 6 දෙනෙකු ඝාතනය කිරීම සහ 3 දෙනෙකුට තුවාල සිදු කිරීම. | පාඩුකුලම්, වව්නියාව | 6 | 6 | [7] | ||
| මාර්තු 22 | මැදවච්චිකුලම් ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් 9 දෙනෙකු වෙඩි තබා මරා දැමීම. | මැදවච්චිකුලම්, වව්නියාව | 9 | 9 | [7] | ||
| මාර්තු 29 | හොරොව්පතාන සිට මැදවච්චිය දක්වා ගමන් කරමින් තුබූ ලංගම බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීමෙන් එහි ගමන් ගත්, මගීන් 9 දෙනෙකු ඝාතනය කිරීම සහ 14 දෙනෙකුට තුවාල සිදු කිරීම. | වේවැල්කැටිය | 9 | [7] | |||
| මාර්තු 31 | සෙන්දමාරදු ගම්මානයට කඩාවැදුණු කොටි ත්‍රස්ථවාදීන්, එහි විසූ මුස්ලිම් වැසියන් 10 දෙනෙකු සහ දමිළ වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම. | සෙන්දමාරදු, කල්මුණේ | 7 | 10 | 17 | [7] | |
| අප්‍රියෙල් 8 | හොරොව්පතාන, මීගස්වැව ගම්මානයේ සිටි සිංහල සිවිල් වැසියන් 14 දෙනෙකු ඝාතනය කිරීම. | හොරොව්පතාන, මීගස්වැව, අනුරාධපුරය | 14 | 14 | [7] | ||
| මැයි 1 | ලංගම බස් රථයකට බිමි බෝම්බයක් අටවමින්, එහි ගමන්ගත් සිංහල මගීන් 12 දෙනෙකුත්, මුස්ලීම් ජාතිකයින් 9 දෙනෙකුත්, තවත් 5 දෙනෙකුත් ඝාතනය කිරීම. | සිත්තරු, කන්තලේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 12 | ? | 9 | 26 | [7] |
| ජුලි 28 | එදාවැටුනවැව ගම්මානයේ සිටි සිංහල වැසියන් 16 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම. | එදාවැටුනවැව, වැලි ඔය. | 16 | 16 | [7] | ||
| අගෝස්තු 16 | බෝම්බයක් පුපුරුවා හැරීම මගින්, සිංහල ජාතිකයින් 6 දෙනෙකුත්, මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකුත්, දමිල ජාතිකයෙකුත්, ඝාතනය කිරීම සහ 19 දෙනෙකුට හානි සිදු කිරීම. | ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 6 | 1 | 2 | 9 | [7] |
| අගෝස්තු 25 | ගෙල කපා දැමීම මගින් මාරවිල ගම්මානයේ සිවිල් වැසියන් 11 දෙනෙකු ඝාතනය කිරීම. | මාරවිල, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 11 | [7] | |||
| සැප්තැම්බර් 10 | සිංහල වැසියන් 7 දෙනෙකු සහ දමිළ වැසියන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | 16 වන කොළණිය, සෙන්ට්‍රල් කෑම්ප් අම්පාර. | 7 | 4 | 11 | [7] | |
| ඔක්තෝම්බර් 9 | මහකෝන්ගස්කඩ ගම්මානයේ සිටි සිංහල වැසියන් 44 දෙනෙකු ඝාතනය කිරීම සහ නිවාස 11 කට ගිනි තබා විනාශ කිරීම. | මහකෝන්ගස්කඩ, මැදවච්චිය | 44 | 44 | [7] | ||
| නොවැම්බර් 14 | ආරක්ෂක නිලදාරීන් දෙදෙනෙකු ඇතුළුව සිංහල ජාතිකයින් 28 දෙනෙකු ඝාතනය කිරීම. | පැණිකැටියාව, ගෝමරන්කඩවලත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 28 | 28 | [7] |
1989
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 17 | මහරඹේකුලම් ග්‍රාමයේ විසූ සිංහල වැසියන් 9 දෙනෙකු මරා දැමීම. | මහරඹේකුලම් | 9 | 9 | [24] | ||
| පෙබරවාරි 2 | බෝගමුයාය ග්‍රාමයේ සිංහල වැසියන් 11 දෙනෙකු ඝාතනය. | බෝගමුයාය | 11 | 11 | [7][24] | ||
| පෙබරවාරි 11 | දෙටුවැව ග්‍රාම සමූලඝාතනය: ගම්මානයේ සිටි සිංහල වැසියන් 37 දෙනෙකු ඝාතනය කිරීම. | දෙටුවැව, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 37 | 37 | [7][24] | ||
| පෙබරවාරි 11 | සිංහපුර ගම්මානයේ සිංහල වැසියන් 6 දෙනෙකු ඝාතනය කිරීම. | සිංහපුර | 6 | 6 | [7][24] | ||
| පෙබරවාරි 27 | බොරවැව ග්‍රාම මනුෂ්‍යඝාතනය: ගම්මානයේ විසූ සිංහලවැසියන් 38 දෙනෙකු ඝාතනය කිරීම. | බොරවැව, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 38 | 38 | [7][24] | ||
| අගෝස්තු 17 | පිපිරවීමක් සිදුකිරීමෙන්, සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම සහ 4 දෙනෙකුට තුවාල සිදු කිරීම. | නොච්චිකුලම්, වවුනියාව දිස්ත්‍රික්කය | 8 | [7] |
1990
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජුනි 11 | 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය: නැගෙනහිර පළාතේ සේවය කල පොළිස් නිලදාරීන් ඝාතනය කිරීම. | 600-774 | [25][26][27] | ||||
| ජුනි 15 | හමුදා භටයින් 11 දෙනෙකු ඝාතනය සහ ඔවුන්ගේ සිරුරු කෙළෙසා දැමීම. | කල්මුණේ | 11 | [28] | |||
| ජුලි 23 | වීරචෝලේ හීදී පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය සහ සිරුරු එල්ලීම. | වීරචෝලේ, මඩකලපුව | ? | 8 | [7] | ||
| ජුලි 24 | දම්මින්න ග්‍රාමයෙහි විසූ සිංහල වැසියන් 8 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම. | දම්මින්න, අරලගංවිල, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 8 | 8 | [7] | ||
| ජුලි 25 | වාන් ඇල විසූ සිංහල වැසියන් 9 දෙනෙකු කපා ඝාතනය කිරීම. | වාන් ඇල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 9 | 9 | [7] | ||
| ජුලි 26 | තම්මැන්නාලවකහීදී සිංහල ජාතිකයින් 19 දෙනෙකු ඝාතනය සහ නිවාස 30 ක් ගිනි තබා විනාශ කිරීම. | තම්මැන්නාලවක, මැදවච්චිය | 19 | 19 | [7] | ||
| ජුලි 30 | අක්කරෙයිපත්තුවෙහි මුස්ලිම් ජාතිකයින් 14 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | අක්කරෙයිපත්තුව, මඩකලපුව | 14 | 14 | [7] | ||
| ජුලි 31 | නොහඳුනන තුවක්කුකරුවෙකු විසින් දමිළ වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම. | පොඩන්කාඩු, පෙරාරු, කන්තලේ | 10 | 10 | [7] | ||
| අගෝස්තු 3 | කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූලඝාතනය: 30 කට අධික දෙමල කොටි ත්‍රස්ථයෝ පිරිසක්, කාත්තන්කුඩිය මුස්ලිම් පල්ලි 4 ක වන්දනාවේ යෙදෙමින් සිටි මුස්ලිම් බැතිමතුන්, 147 දෙනෙකු කෘර ලෙස ඝාතනය කිරීම. | කාත්තන්කුඩිය | 147 | 147 | [29] | ||
| අගෝස්තු 5 | මුල්ලියන්කඩු කුඹුරක වැඩකරමින් සිටි මුස්ලිම් ජාතික ගොවීහූ 17 දෙනෙකු ඝාතනය කිරීම. | මුල්ලියන්කඩු, අම්පාර දිස්ත්‍රික්කය | 17 | 17 | [7] | ||
| අගෝස්තු 6 | කුඹුරක වැඩකරමින් සිටි මුස්ලිම් ජාතික ගොවීහූ 33 දෙනෙකු ඝාතනය කිරීම. | අම්පාර | 33 | 33 | [7] | ||
| අගෝස්තු 7 | 40 වැඩි දෙමළ කොටි ත්‍රස්ථයෝ පිරිසක්, බණ්ඩාරදූව සිංහල ග්‍රාමයේ සිටි සිංහල වැසියන් 30 දෙනෙකු ඝාතනය සහ සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම. | බණ්ඩාරදූව, උහන, අම්පාර දිස්ත්‍රික්කය | 30 | 30 | [7] | ||
| අගෝස්තු 8 | නවගමුව සිංහල ග්‍රාමයේ සිටි සිවිල් වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම සහ සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම. | නවගමුව, අනුරාධපුර දිස්ත්‍රික්කය | 7 | 7 | [7] | ||
| අගෝස්තු 11 | එරාවුර් කොට්ඨශ අංක 3 සහ 6 හී විසූ, මුස්ලිම් ජාතිකයින් 116 දෙනෙකු ඝාතනය කිරීම සහ 20 දෙනෙකුට හානි කිරීම. | එරාවුර් | 116 | 116 | [7] | ||
| අගෝස්තු 13 | පුල්මුඩේ 15 වන සැතපුම් කණුව අසලදී, මීගමුවේ සිට 25 දෙනෙකු රැගෙන ආ ලොරි රථයකට සැඟවී සිට පහර දීමෙන්, 14 දෙනෙකු ඝාතනය කිරීම. | පුල්මුඩේ, වැලි ඔය | 14 | [7] | |||
| අගෝස්තු 13 | අවරන්තලාව විසූ මුස්ලිම් ජාතිකයෝ 9 දෙනෙකු සහ එක් සිංහල සිංහල සිවිල් වැසියෙකු ඝාතනය කිරීම, තිදෙනෙකුට තුවාල සිදු කිරීම. | අවරන්තලාව, වව්නියාව | 1 | 9 | 10 | [7] | |
| සැප්තැම්බර් 13 | මුස්ලිම් වැසියන් 7 දෙනෙකු කපාකොටා ඝාතනය කිරීම සහ එක්අයෙකුට තුවාල කිරීම. | පූනානි, මඩකලපුව | 7 | 7 | [7] | ||
| සැප්තැම්බර් 19 | වෙල්ලමුඩල් ධීවර ගම්මානයේ සිටි, සිංහල සිවිල් වැසියන් 23 දෙනෙකු ඝාතනය කිරීම සහ නිවාස 11කට ගිනි තැබීම. | වෙල්ලමුඩල්, පුත්තලම | 23 | 23 | [7] | ||
| සැප්තැම්බර් 21 | පුදුකුඩිඉරිප්පු ගම්මානයක විසූ මුස්ලිම් වැසියන් 15 දෙනෙකු ඝාතනය කිරීම සහ 11 දෙනෙකුට තුවාල සිදු කිරීම. | පුදුකුඩිඉරිප්පු, අම්පාර දිස්ත්‍රික්කය | 15 | 15 | [7] | ||
| සැප්තැම්බර් 30 | පේරවැල්තලාවේ විසූ සිංහල සවිල් වැසියන් 9 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම. | පේරවැල්තලාව, මහ ඔය, අම්පාර දිස්ත්‍රික්කය | 9 | 9 | [7] | ||
| ඔක්තෝම්බර් | එල්ටීටීඊ විසින් උතුරු පළාතෙන් මුස්ලිම්වරු පලවා හැරීම: පැය 48 ක් තුල, උතුරු පළාතේ වෙසෙන සියළුම මුස්ලිම් ජාතිකයින්ට පලාතෙන් පිටවන ලෙස සහ, එක් පුද්ගලයෙකුට රු150.00ක මුදලක් පමණක් රැගෙන යාමට නියෝග කිරීම. | [29] | |||||
| ඔක්තෝම්බර් 2 | වාහල්කඩ විසූ සිංහල වැසියන් 7 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | වාහල්කඩ, අම්පාර | 7 | 7 | [7] | ||
| ඔක්තෝම්බර් 11 | මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකුට, ආරුගම්බේහීදී වෙඩි තබා ඝාතනය කිරීම. | ආරුගම්බේ, අම්පාර | 9 | 9 | [7] | ||
| ඔක්තෝම්බර් 23 | තන්තිරිමලේ හීදී සිංහල සිවිල් වැසියන් 8 දෙනෙකු සහ ග්‍රාමාරක්ෂකයින් දෙදෙනෙකු මරා දැමීම. | තන්තිරිමලේ, අනුරාධපුර දිස්ත්‍රික්කය | 10 | 10 | [7] | ||
| නොවැම්බර් 1 | හළඹවැව ග්‍රාමයේදී සිංහල වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම. | සිංහපුර, වැලි ඔය | 10 | 10 | [7] |
1991
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 23 | බෝගමුයාය ගම්මානයේදී සිංහල සිවිල් වැසියන් 25 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සහ තවත් 9 දෙනෙකුට තුවාල සිදුකිරීම. බරපතල තුවාලලත් 4 දෙනෙකු පසුව මියයාම. | බෝගමුයාය, මහ ඔය, අම්පාර දිස්ත්‍රික්කය | 29 | 29 | [7] | ||
| මාර්තු 2 | හැව්ලොක් බෝම්බ ප්‍රහාරය: කොළඹ හැව්ලොක් හී කාර් බෝම්බයක් පුපුරුවා හරිමින්, එවක ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූරන්ජන් විජේරත්න මහතා ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු ඝාතනය. ප්‍රහාරයෙන් 73 දෙනෙකුට තුවාල සිදුවීම. | කොළඹ | 19 | [23] | |||
| මාර්තු 24 | අක්කරෙයිපත්තුව මාළු වෙළෙඳපල තුල බෝම්බයක් පුපුරුවා හැරීමෙන්, මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකු ඝාතනයට ලක්වීම සහ පුද්ගලයින් 32 කට තුවාල සිදු වීම. | බෝගමුයාය, අක්කරෙයිපත්තුව | 9 | 9 | [7] | ||
| මාර්තු 31 | ඉරුදයපුරම් වෙළෙඳපලට රාත්‍රියේ කඩාවැදුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීන්, එහි සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම. | ඉරුදයපුරම්, මඩකලපුව | 8 | [7] | |||
| අප්‍රියෙල් 3 | සාගරයේ ධීවර බෝට්ටු කිහිපයක් වට කල කොටි, එහි සිටි ධීවරයින් 10 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ 11 දෙනෙකුට තුවාල සිදු කිරීම. තවත් ධීවරයින් 16 දෙනෙකු අතුරුදන් කරවීම. | කෙවිලිය, ත්‍රිකුණාමලය | 26 (16 ක් අතුරුදන්) | [7] | |||
| අප්‍රියෙල් 14 | ඇතිමලේ ගම්මානයේ විසූ සිංහල වැසියන් 17 දෙනෙකු කපාකොටා ඝාතනය කිරීම. | ඇතිමලේ, මොණරාගල | 17 | 17 | [7] | ||
| අප්‍රියෙල් 20 | නියදැල්ල ග්‍රාමයේ විසූ කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයෝ 21 දෙනෙකු කපාකොටා සහ වෙඩිතබා ඝාතනය කිරීම. | නියදැල්ල, ඔක්කම්පිටිය, මොණරාගල දිස්ත්‍රික්කය. | 21 | [7] | |||
| මැයි 19 | වැඩ නිමවා කුඹුරේ සිට එමින් සිටි සිංහල ගොවීන් දෙදෙනෙකුට සහ මුස්ලිම් ගොවීන් පස්දෙනෙකුට පහරදීම. ඉන් 6 දෙනෙකු මියයාම සහ එක් අයෙක් තුවාල ලැබීම. | එරක්කාමම්, අම්පාර | ? | ? | 6 | [7] | |
| මැයි 20 | කුඹුරේ සිට ට්‍රැක්ටරයකින් ආපසු එමින් සිටි මුස්ලිම් ගොවීහූ 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට තුවාල සිදු කිරීම. | මල්වත්ත, සමන්තුරේ, අම්පාර දිස්ත්‍රික්කය | 9 | 9 | [7] | ||
| මැයි 21 | එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරු තෙන්මොසි රාජරත්නම් විසින් එවක ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාව, තමිල්නාඩුව තුල පැවැති මැතිවරණ රැලියකදී ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියෝ 13 දෙනෙකු මිය ගියහ. ඝාතනයෙන් අනතුරුව, ඝාතනයට සම්බන්ධ වූවන් සත් දෙනෙකු පොලීසිය විසින් වටකරනු ලැබූ අවස්ථාවේදී, සියදිවි නසා ගෙන තුබුණි.[30] 2006 ජුනි මසදී, එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානය මේ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියත්, ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව ප්‍රකාශ කර සිටියේ, මෙම සිදුවීම වෙනුවෙන් දෙමළ කොටින්ට සමාව දීම ත්‍රස්ථවාදයට අනුබල දීමක් වන බවයි.[31][32] | තමිල්නාඩුව, ඉන්දියාව | 13 | 14 | [5] | ||
| ජුනි | කොළඹ 7, Joint Operations Command (JOC) ගොඩනැගිල්ල අසල Flower Road හීදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හරිමින් සිවිල් පුද්ගලයින් 12 දෙනෙකු මරා දැමීම සහ 85 දෙනෙකුට තුවාල සිදු කිරීම. | කොළඹ 7 | 12 | [33] | |||
| ජුනි 12 | මන්මුණේ ගංතොට බෝම්බයක් පුපුරවමින් සිවිල් වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම. | කොක්අඩිචෝලෙයි, මඩකළපුව | 10 | [7] | |||
| ජුනි 24 | පැහැරගත් සිංහල වැසියන් 8 දෙනෙකු ඝාතනය සහ දමිළ පුද්ගලයෙකුට තුවාල සිදු කිරීම. | වැලිගහකණ්ඩිය, මඩකලපුව | 8 | 8 | [7] | ||
| ජුනි 27 | ලාහුගලදී මගීන් පටවාගත් පුද්ගලික බස් රථයකට අත් බේම්බ ගසා, එහි වූ මගීන්ට වෙඩි තබමින් 16 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් අට දෙනෙකු තුවාල ලැබූහ. | ලාහුගල, අම්පාර දිස්ත්‍රික්කය | 16 | [7] | |||
| ජුලි | අලිමංකඩ පළමු සටන: ශ්‍රී ලංකා හමුදා කඳවුරක් වූ අලිමංකඩ කඳවුර, වැටලූ 5,000 පමණ වූ දෙමළ කොටි ත්‍රස්ථයෝ අතර සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ මසක පමණ ගැටුමින් දෙපාර්ශවයේම පුද්ගලයින් 2000 ක් පමණ මිය ගිය බව සඳහන් වෙයි. | [34] | |||||
| ජුලි 6 | පුදූර් වලදී මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකු කපාකොටා ඝාතනය කල දෙමළ කොටි, ඉන්පසුව මහවැලි රිවර් බෑන්ක් හීදී තවත් අට දෙනෙකු ඝාතනය කරන ලදී. එහිදී තුවාල ලැබූ සිව්දෙනෙකුගෙන් එක් අයෙක් පසුව මිය යන ලදී. | පුදූර්, යාපනය දිස්ත්‍රික්කය | 2 | 16 | 18 | [7] | |
| ජුලි 6 | පැහැරගත් සිංහල ධීවරයෝ 9 දෙනෙකු ඝාතනය කිරීම | කරපොල, මනම්පිටිය, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 9 | 9 | [7] | ||
| අගෝස්තු 8 | මුස්ලිම් ගොවීහූ 6 දෙනෙකු ඝාතනය කිරීම. | සමන්තුරේ, මඩකලපුව | 6 | 6 | [7] | ||
| සැප්තැම්බර් 19 | පල්ලියගොඩැල්ල මුස්ලිම් ගම්මානයේ සිටි 13 දෙනෙකු ඝාතනය සහ 6 දෙනෙකුට තුවාල සිදු කිරීම. | පල්ලියගොඩැල්ල, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 13 | 13 | [7] | ||
| ඔක්තෝම්බර් 15 | පල්ලියගොඩැල්ල සමූලඝාතනය ග්‍රාමයේ සිටි වැසියන් 182 දෙදෙනෙකු කපමින් සහ වෙඩි තබමින් ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් 83 දෙනෙකු තුවාල ලැබූහ. | පල්ලියගොඩැල්ල, පොළොන්නරුව දිස්ත්‍රික්කය | ? | ? | 171 | 182 | [7][6] |
| ඔක්තෝම්බර් 24 | ඉක්බාල් නගර් හීදී පුද්ගලයෝ 6 දෙනෙකු ඝාතනය කිරීම. | ඉක්බාල් නගර් | 3 | 3 | 6 | [7] |
1992
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 26 | බස් රථයකට අටවන ලද බිම් බෝම්බයක් පුපුරා යාමෙන්, බස් රථයේ ගමන් ගත් මගීන් 9 දෙනෙකු මරණයට පත්වීම. | අරන්තලාව සහ බෝරපොල අතර | 9 | [7] | |||
| අප්‍රියෙල් 10 | බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හරිමින් මගීන් 25 දෙනෙකු ඝාතනය සහ 33 දෙනෙකුට තුවාල සිදු කිරීම. ප්‍රහාරයෙන් පොළිස් නිලදාරියෙකු මිය ගිය අතර තවත් හමුදා භටයින් දෙදෙනෙක් තුවාල ලැබූහ. | අම්පාර නගරය | 25 | [7] | |||
| අප්‍රියෙල් 10 | කාර් බෝම්බයක් පුපුරුවා හරිමින් සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම සහ 23 දෙනෙකුට තුවාල සිදු කිරීම. | මහරගම | 8 | [7] | |||
| අප්‍රියෙල් 29 | ළදරුවන් 5 දෙනෙකු ඇතුළුව මුස්ලිම් ජාතිකයින් 69 ඝාතනය කිරීම.මුස්ලිම් වැසියන් සහ ග්‍රාමාරක්ෂකයින් විසින් එල්ල කල ප්‍රතිප්‍රහාර වලින් දමිළ ජාතිකයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම. | 49 | 69 | ? | [35] | ||
| අප්‍රියෙල් 29 | අලිංචිපොතාන ග්‍රාමයේ සිටි මුස්ලිම් වැසියන් 56 දෙනෙකු ඝාතනය කිරීම සහ 15 දෙනෙකුට තුවාල සිදු කිරීම. | අලිංචිපොතාන, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 56 | 56 | |||
| ජුනි 2 | අම්පාර 209 වන සැතපුම් කණුව අසලදී බස් රථයක් නවත්වා, එහි ගමන්ගත් මගීන්ට වෙඩි තැබීම. ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, පොලිස් භටයෙකු ඇතුළු තවත් පුද්ගලයෝ දෙදෙනෙක් තුවාල ලැබූහ. | අම්පාර | 14 | [7] | |||
| ජුලි 6 | ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දුන්නායැයි පවසමින්, දමිළ ජාතිකයින් 10 දෙනෙකු ඝාතනය කිරීම. | පරයන්කුලම්, වවුනියාව | 10 | 10 | [7] | ||
| ජුලි 15 | කාත්තන්කුඩි සිට කල්මුණේ දක්වා යමින් තුබූ බස් රථයක, ගමන් කරමින් සිටි මුස්ලිම් ජාතිකයින් 19 දෙනෙකු ඝාතනය කිරීම සහ 7 දෙනෙකුට තුවාල සිදු කිරීම. | කිරන්කුලම්, මඩකලපුව | 19 | 19 | [7] | ||
| ජුලි 21 | දුම්රියක් නවත්වාගනු ලැබූ දෙමළ කොටි ත්‍රස්ථවාදීන්, එහි සිටි මුස්ලිම් ජාතිකයින් වෙන්කරගෙන වෙඩි තැබීම. ප්‍රහාරයෙන් මුස්ලිම් ජාතිකයින් 7 දෙනෙකු මිය ගිය අතර සිව් දෙනෙකු තුවාල ලැබූහ. | පරංගියාමඩු, මඩකලපුව | 7 | 7 | [7] | ||
| අගෝස්තු 30 | ත්‍රිකුණාමලය බස් නැවතුම්පලෙහි පුද්ගලික බස් රථයක අටවා තුබූ බෝම්බයක් පුපුරා යාමෙන්, සිවිල් වැසියෝ 9 දෙනෙකු ඝාතනය වීම සහ 34 දෙනෙකු තුවාල ලැබීම. | ත්‍රිකුණාමලය නගරය | 9 | [7] | |||
| සැප්තැම්බර් 1 | හිම කිරම පටවාගත් පා පැදියක ඇටවූ බෝම්බයක් වෙළෙඳපොල මධ්‍යයේ පුපුරා යාමෙන්, මුස්ලිම් ජාතිකයින් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම සහ 67 දෙනෙකු තුවාල ලැබීම. | සෙයින්දමරදු, කල්මුණේ | 22 | 22 | [7] | ||
| සැප්තැම්බර් 10 | Allai වැවෙහි ගමන් කරමින් තුබූ යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එහි සිටි සෙබළුන් 22 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම. | කිලිවෙඩ්ඩි තුඩුව, ත්‍රිකුණාමලය | ? | 29 | [7] | ||
| ඔක්තෝම්බර් 1 | කෝන් වැව ග්‍රාමයේ විසූ වැසියන් වෙත වෙඩි සහ බෝම්බ ප්‍රහාර එල්ල කරමින් 15 දෙනෙකු මරා දැමීම. ප්‍රහාරයෙන් තවත් 9 දෙනෙකු තුවාල ලැබූහ. | කෝන් වැව, වැලි ඔය. | 15 | [7] | |||
| නොවැම්බර් 16 | ශ්‍රී ලංකා නාවුක ආඥාපති වයිස් අද්මිරාල් ක්ලැන්සි ෆර්නැන්ඩෝ මහතා ඇතුළු සිව් දෙනෙක්ව, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින් ඝාතනය කිරීම. (වෙබ් අඩවියක සඳහනක්) | 4 | [36] |
1993
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| මැයි 1 | කොළඹ මැයි දින රැලියක් අතරතුරදී, ශ්‍රී ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසමහතා ඝාතනය කිරීම. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | 1 | ? | ? | 1 | [5] |
| ජුලි 25 | ජනකපුර ග්‍රාම සමූලඝාතනය: ජනකපුර ග්‍රාමයේ සිටි සිවිල් වැසියන් 9 දෙනෙකු ඝාතනය කිරීම. | ජනකපුර | 9 | 9 | [37] | ||
| නොවැම්බර් 10 | පූනරින් සටන: පුනරින් ආරක්ෂක කඳවුරට එල්ටීටීඊ ත්‍රස්ථයින් විසින් එල්ල කල ප්‍රහාරයෙන්, නිළදාරීන් 8 දෙනෙකු ඇතුළුව සෙබළුන් 233 ඝාතනය වීම. ගැටුමේදී එල්ටීටීඊ ග්‍රහණයට හසුවූ හමුදා සෙබළුන් 200 දෙනෙකු, කොටි ත්‍රස්ථවාදීන් විසින් කෘර ලෙස මරා දැමූ බව සඳහන් වේ. | පුනරින්, කිලිනොච්චි දිස්ත්‍රික්කය | 241 |
1994
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 19 | රඹෑව බස් බෝම්බය: ශ්‍රීපුර සිට අනුරාධපුරය දක්වා ගමන් ගනිමින් තුබූ පුද්ගලික බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හරිමින් එහි ගමන් ගත්, සිංහල ජාතිකයන් 10 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් 51 දෙනෙකු තුවාල ලැබූහ. | රඹෑව, අනුරාධපුර දිස්ත්‍රික්කය | 10 | 10 | [7] | ||
| මාර්තු 16 | කුදිරමලේ ධීවර බෝට්ටු ප්‍රහාරය: ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි බෝට්ටු 10 කට පහරදීමෙන් එහි සිටි ධීවරයින් 17 දෙනෙකු මරා දැමීම. ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, තවත් පස්දෙනෙකු අතුරුදන් වූහ. | කුදිරමලෙයි, පුත්තලම දිස්ත්‍රික්කය | 17 | [7] | |||
| ඔක්තෝම්බර් 24 | කොළඹ රැලියක් අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, ශ්‍රී ලංකා විපක්ෂ නායකවරයා වූ ගාමිණී දිසානායක මහතා ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 50 කට වැඩි පිරිසක් මිය ගියහ. මියගිය අය අතර පාම ඔසී අබේගුණසේකර, වීරසිංහ මල්ලිමාරච්චි, සහ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර යන අය වූහ. ප්‍රහාරය නිසා 75 දෙනෙකු තුවාල ලැබූහ. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | ≈50 | ≈50 | [18][38][39] |
1995
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| මැයි 25 | කල්ලරාව සමූලඝාතනය: කල්ලරාව ධීවර ගම්මානයේ සිටි සිවිල් වැසියන් 42 වෙඩි තබා සහ කපා කොටා ඝාතනය කිරීම. | කල්ලරාව | 42 | [40] | |||
| අගෝස්තු 7 | බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් 22 ක් ඝාතනය කිරීම. | කොළඹ | 22 | [36] | |||
| ඔක්තෝම්බර් 20 | කොළොන්නාව සහ ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කිරීම. තෙල් ටැංකි වෙතට කඩා වැදුණු මරාගෙන මැරෙන කොටි ත්‍රස්ථවාදීන් සිව්දෙනෙක් සිය බෝම්බ පුපුරුවා ගනිමින්, එහි සිටි ආරක්ෂක නිළදාරීන් 22 දෙනෙකු ඝාතනය කල අතර, සංකීර්ණයට අමෙරිකා ඩොලර් මිලියන 10 ක පමණ දේපල අලාභහානියක්ද සිදු කරන ලදී. | කොළොන්නාව, කොළඹ | 22 | [41] | |||
| ඔක්තෝම්බර් 21 | මංගලගම සිවිල් වැසියන් 16 දෙනෙකු මරා දැමීම. | මංගලගම | 16 | ||||
| ඔක්තෝම්බර් 25 | ග්‍රාමයේ සිටි සිංහල ගොවීන් 12 දෙනෙක් ඝාතනය කිරීම. | පානම | 12 | 12 | [40] | ||
| නොවැම්බර් 11 | කොම්පඤ්ඤ වීදිය දුම්රියපල ආසන්නයේ බෝම්බයක් පුපුරුවා හරිමින් කුඩා දරුවන් 15 දෙනෙකු සහ හමුදා සෙබළුන් දෙදෙනෙක් මරා දැමීම. | කොළඹ | 17 | [36] | |||
| නොවැම්බර් 24 | මරාගෙන මැරෙන බෝම්බකාරිනියන් දෙදෙනෙකු විසින්, ශ්‍රී ලංකා හමුදා මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම සහ එමගින් 16 දෙනෙකු ඝාතනය කිරීම. | කොළඹ | 16 | [36] | |||
| දෙසැම්බර් 11 | තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු විසින්, ශ්‍රී ලංකා හමුදා මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් හමුදා භටයින් තිදෙනෙකු සහ සිවිල් වැසියන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. | කොළඹ | 18 | [36] | |||
| දෙසැම්බර් 23 | මඩකලපුවේදී භට කණ්ඩායමකට පහර දී, හමුදාභටයින් 32 ඝාතනය කිරීම. හමුදා ප්‍රතිප්‍රහාර වලින් ත්‍රස්ථවාදීහූ 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පැවසේ. | මඩකලපුව දිස්ත්‍රික්කය | 32 | [42] |
1996
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 31 | මහ බැංකු බෝම්බය: කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 1400 දෙනෙකුට තුවාල ලැබූහ. මෙය එල්ටීටීඊ ත්‍රස්ථයින් විසින් එල්ල කරනු ලැබූ අතිශය මිලේච්ඡ ප්‍රහාරයක් ලෙස හැඳින්වෙයි. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | 90 | [5] | |||
| මාර්තු 19 | ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දුන්නායැයි පවසමින්, දමිළ ජාතිකයින් 29 දෙනෙකු ඝාතනය කිරීම. | 29 | 29 | ||||
| ජුනි 11 | ලුණුඔය දී සිවිල් වැසියන් 14 දෙනෙකු ඝාතනය කිරීම. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට අනූව මෙම පහරදීමේ අරමුණ වී තිබෙන්නේ, එල්ටීටීඊ ය විසින් ප්‍රදේශයේ පොළිස් මුරපලකට පහර දීමකින් පසු ඇවිලී ගිය ගැටුමකින් එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානයේ පවුල් වල සාමාජිකයින්ට හානි සිදු වීම නිසා, ඊට අදාල පිරිස් වලින් පළිගැනීමයි. | ලුණුඔය | 14 | ||||
| ජූලි 4 | ශ්‍රී ලංකා අමාත්‍යවරයෙකුට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 25 දෙනෙකු ඝාතනය වීම. | යාපනය, යාපනය දිස්ත්‍රික්කය | 25 | [36][43] | |||
| ජූලි 18 | 1996 මුලතිව් සටන: මුලතිව් ශ්‍රී ලංකා යුධ හමුදා කඳවුරට එල්ල වූ එල්ටීටීඊ ත්‍රස්ථ ප්‍රහාරයෙන් හමුදා භටයින් 1200 කට වැඩි ප්‍රමාණයක් මිය යාම/අතුරුදන් වීම. ගැටුමේදී එල්ටීටීඊ ග්‍රහණයට ලක්වූ සෙබළුන් පණපිටින් පුළුස්සා දැමීම. | මුලතිව් | 1200 (අතුරුදන්වීම් සමග) | [44][45] | |||
| ජූලි 24 | දෙහිවල දුම්රිය බෝම්බය: දෙහිවලදී, කොළඹ-අළුත්ගම දුම්රිය තුල බෝම්බ 4 ක් පුපුරුවා හරිමින් මගීන් 64 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 400 ක් පමණ තුවාල ලැබූහ. | දෙහිවල | 64 | [5][46][46] |
1997[සංස්කරණය කරන්න]
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| පෙබරවාරි 10 | ඔඩ්ඩෙයිමාවඩි ග්‍රාම ප්‍රහාරය: ඔඩ්ඩෙයිමාවඩි ග්‍රාමයේ විසූ, මුස්ලිම් වැසියන් 5 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තිදෙනෙකුට තුවාල සිදු කිරීම. | ඔඩ්ඩෙයිමාවඩි, මඩකලපුව දිස්ත්‍රික්කය | 5 | 5 | [47] | ||
| මැයි 12 | මොරවැව ග්‍රාම ප්‍රහාරය: මොරවැව ග්‍රාමයට සහ පොළිස් ස්ථානයට පහර දී, එහි සිටි 5 දෙනෙකුට වද දී ඝාතනය කිරීම. | මොරවැව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 5 | [47] | |||
| ජූලි 2 | එරක්කණ්ඩි ග්‍රාම සමූළඝාතනය: ගම්මානයට කඩාවැදුනු 100 ක් තරම් වූ දෙමළ කොටි ත්‍රස්ථයෝ පිරිසක් එහි සිටි මුස්ලිම් වැසියන් 34 දෙනෙකුව, තියුණු ආයුධ, මුගුරු සහ ගිනි අවි වලින් කෘර ලෙස ඝාතනය කිරීම. | එරක්කණ්ඩි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 34 | 34 | [47] | ||
| ඔක්තෝම්බර් 15 | 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය: කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි අසල බෝම්බයක් පුපුරුවා හැරීමෙන් පුද්ගලයෝ 15 දෙනෙකු ඝාතනය කිරීම. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | 15 | [6][48] |
1998
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 25 | 1998 දළදා මාළිගාවට එල්ල වූ ප්‍රහාරය: සිව් දෙනෙකුගෙන් සැදුම් ලත්කළු කොටි කණ්ඩායමක් විසින්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් පුපුරුවා, මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් 17 දෙනෙකු මිය ගිය අතර 25 දෙනෙකු තුවාල ලැබීය. | මහනුවර | 17 | [5][36] | |||
| මාර්තු 5 | කොළඹ බස් බෝම්බ දෙකක් අටවමින් පුපුරුවා හැරීම. පිපිරීමෙන් සිවිල් වැසියන් 32 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම සහ 252 දෙනෙකු තුවාල ලැබීම. | 32 | [5] | ||||
| මැයි 14 | පේදුරු තුඩුව ශ්‍රී ලංකා හමුදා ආඥාපති බ්‍රිගේඩියර් ලැරී විජේරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය ඉදිරියට කඩා පිනූ කළු කොටි සාමාජිකයෙකු, රථය මතදී බෝම්බයක් පුපුරුවා හැරීම. ප්‍රහාරයෙන් විජේරත්න මහතා ඇතුළු තිදෙනෙක් ඝාතනය විය. | 3 | |||||
| මැයි 17 | යාපනය නගරාධිපති සරෝජිනී යෝගේස්වරන් මහත්මියව ඇගේ නිවසේදී ඝාතනය කිරීම | යාපනය | |||||
| අගෝස්තු 29 | මගීන් 55 දෙනෙකු රැගෙන පියාසරකරමින් තුබූ AN-24 ලයන් එයාර්ෆ්ලයිට් 602 ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කොට විනාශ කිරීම. | ? | 48 | ? | 55 | [49][50] | |
| සැප්තැම්බර් | 1998 කිලිනොච්චි සටන: එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග ඇතිවූ ගැටුමෙන් හමුදා භටයින් 1,500 ප්‍රමාණයක් මිය යාම සහ 3,000 ක් පමණ තුවාල ලැබීම. ගැටුමින් සෙබළුන් 500 ක පමණ පිරිසක් අතුරුදන් වූහ. | කිලිනොච්චිය | 1500 + 500 (අතුරුදන්) | [51] |
1999
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| අප්‍රියෙල් 11 | මහනුවර මධ්‍යම බස් නැවතුම්පල අසලදී බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියෝ දෙදෙනෙකු ඝාතනය කිරීම. | මහනුවර | 2 | [52] | |||
| ජුනි 2 | ඉඟිණියාගලදී සිංහල වැසියන් 11 දෙනෙකු ඝාතනය. | ඉඟිණියාගල | 11 | 11 | [53] | ||
| ජූලි 29 | ශ්‍රී ලංකා දමිළ පාම නීලන් තිරුචෙල්වම් ඇතුළු තිදෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් 6 දෙනෙකු තුවාල ලැබූහ. | 3 | 3 | [54] | |||
| සැප්තැම්බර් 18 | ගෝනගල සමූලඝාතනය: ගෝනගල ග්‍රාමයේ සිටි සිංහල වැසියන් 54 දෙනෙකු ඝාතනය කිරීම. | ගෝනගල, අම්පාර දිස්ත්‍රික්කය | 54 | 54 | [18][55][56][57] | ||
| නොවැම්බර් 1 | ඔඩ්ඩුසුඩාන් ආක්‍රමණය (1999): එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් සහ ශ්‍රී ලංකා සෙබළුන් අතර ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරේ ඇතිවූ ගැටුමකින් හමුදාභටයින් 800 පමණ ඝාතනය වීම/ අතුරුදන් වීම. | 800 | [51] | ||||
| දෙසැම්බර් 11– 2002 ජනවාරි 2, අතර කාලය | මේ කාලය තුල එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානය සමග ඇතිවූ දරුණු ගැටුම් වලින් හමුදා භටයින් 212 ඝාතනය වීම. 37 දෙනෙකු අතුරුදන් වීම සහ 2,118 දෙනෙකු තුවාල ලැබීම. | 212 | [51] | ||||
| දෙසැම්බර් 18 | මැතිවරණ රැලියකට එක්ව සිටි, එවක ශ්‍රී ලංකා ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඉලක්ක කොට ගෙන එල්ල කරන ලද මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 23 දෙනෙකු ඝාතනය වීම. | කොළඹ | 23 | [5][58] | |||
| දෙසැම්බර් 18 | එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ස්කන්ධරාජා අශෝක විසින්, විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා මේජර්වරයෙකු වූ ජෙනරාල්ලක්ෂ්මන් අල්ගම මහතා ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකු ඝාතනය කිරීම. | 12 | [36] |
2000
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 5 | ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් එහි සිටි පොළිස් නිළදාරීන් තිදෙනෙකු සහ සිවිල් වැසියන් 13 දෙනෙකු ඝාතනය කිරීම. | කොළඹ | 16 | [36][58] | |||
| ජනවාරි 7 | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින් එවක ශ්‍රී ලංකා කර්මාන්ත අමාත්‍යවරයා වූ සී.වී. ගුණරත්න මහතා සහ තවත් සිවිල් වැසියන් 24 දෙනෙකු ඝාතනය. | 25 | [36][59] | ||||
| ජනවාරි 27 | තැපැලි කාර්යාලයක බෝම්බයක් පුපුරුවා 11 දෙනෙක් ඝාතනය කිරීම සහ 70 කට තුවාල සිදු කිරීම. | 11 | [60][61] | ||||
| මාර්තු 11 | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින්, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරයාව ඝාතනය කිරීමට උත්සාහ කිරීම. ප්‍රහාරයෙන් පොළිස් භටයින් 6 දෙනෙකු සහ සිවිල් වැසියේ 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. තවත් 46 දෙනෙකු ප්‍රහාරය නිසා තුවාල ලැබූහ. | 20 | [36][60] | ||||
| අප්‍රියෙල් 22 | අලිමංකඩ දෙවන සටන: උතුරු පළාතේ වැදගත් ආරක්ෂක කඳවුරක් වූඅලිමංකඩට, එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම. | [62] | |||||
| මැයි 17 | මඩකලපුව බෞද්ධ විහාරස්ථානයක වෙසක් උත්සවය සමරමින් සිටි බැතිමතුන් 23 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් 70 දෙනෙකුට තුවාල සිදු කිරීම. | මඩකලපුව | 23 | 23 | [63][64] | ||
| ජුනි 26 | මරාගෙන මැරෙන නෞකා ප්‍රහාරයක් මගින්, M.V. Uhana යාත්‍රාව ගිල්වා එහි සිටි නාවික භටයින් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු ඝාතනය. | 8 | [36] | ||||
| සැප්තැම්බර් 15 | කොළඹ මහ රෝහල ඉදිරිපිටට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. මෙම ප්‍රහාරයෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 28 දෙනෙකු තුවාල ලැබූහ. (වෙබ් අඩවියක සඳහනක්) | කොළඹ | 7 | [36] | |||
| ඔක්තෝම්බර් 3 | බෝම්බ ප්‍රහාරයක් මගින් පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වූ මොහොමඩ් බයිතුල්ලා ඇතුළු 20 කට වඩා පිරිසක් ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් 49 දෙනෙකුට තුවාල සිදුවීම. (වෙබ් අඩවියක සඳහනක්) | මුතූර් | 20+ | [65] | |||
| ඔක්තෝම්බර් 5 | නියේජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ඉලක්ක කොට ගනිමින් පුපුරුවා හැරි මරාගෙන මැරෙන බෝම්බයකින් සිවිල් වැසියන් 7 දෙනෙකු ඝාතනය වීම සහ තවත් 40 දෙනෙකුට තුවාල සිදු වීම. (වෙබ් අඩවියක සඳහනක්) | මැදවච්චිය, අනුරාධපුර දිස්ත්‍රික්කය | 7 | [65] |
2001
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජුලි 24 | බණ්ඩාරනායක ගුවන් තොටුපළ ප්‍රහාරය: 14 දෙනෙකුගෙන් සැදුම්ලත් මරාගෙන මැරෙන එල්ටීටීඊ ත්‍රස්ථ කණ්ඩායමක් විසින්, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයට සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල කිරීම. | කටුනායක, බස්නාහිර පළාත | 7 | 14 | 21 | [66] |
2005
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| අගෝස්තු 12 | ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාව, එල්ටීටීඊ ස්නයිපර්කරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | 1 | 1 | [67] |
2006
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 7 | පුපුරණ ද්‍රව්‍ය තොගයක් පටවාගත් ධීවර බෝට්ටුවක් යොදාගෙන ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් නාවිකයෝ 13 දෙනෙකු මිය ගියහ. | ත්‍රිකුණාමලය | 13 | [68] | |||
| මාර්තු 1 | එල්ටීටීඊ ය විසින් අටවන ලද්දැයි සැක කෙරෙන බිමි බෝම්බයකට හසුවීමෙන් සිවිල් වැසියන් 5 දෙනෙකු මරණයට පත්වීම. | 5 | [69] | ||||
| අප්‍රියෙල් 23 | ගෝමරන්කඩවල සමූලඝාතනය: ගෝමරන්කඩවල ග්‍රාමයේ සිටි සිංහල සිවිල් වැසියන් 6 දෙනෙකු ඝාතනය කිරීම. | ගෝමරන්කඩවල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 6 | 6 | [70] | ||
| අප්‍රියෙල් 25 | ගර්භනී මාතාවක් ලෙස වෙස් පැලැඳගත් මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියක විසින්, ලුතිනර් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඝාතනයට තැත් කිරීම. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා මහතා බරපතල තුවාල තුවාල ලබා දිවි ගලවාගත්තත්, ඉන් තවත් පුද්ගලයෝ 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. තිහකට අධික පිරිසක් ප්‍රහාරය නිසා තුවාල ලැබූහ. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | 8 | [71] | |||
| මැයි 11 | 2006 පේදුරු තුඩුව සටන: එල්ටීටීඊ මුහුදු කොටි විසින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා දෙකකට පහර දී එකක් ගිල්වා දැමූ අතර, අනෙකට දැඩි හානි සිදු කරන ලදී. මෙම ප්‍රහාරය,ශ්‍රී ලංකා රජය සහ කොටි ත්‍රස්ථ සංවිධානය අතර ඇතිකරගත් යුධ විරාම ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්වෙයි. ප්‍රහාරයෙන් නාවිකයෝ 18 දෙනෙකු මිය ගියහ. | 18 | [72][73][74] | ||||
| මැයි 27 | සම්මානනීය කතුවරයෙකු වූ නිහාල් ද සිල්වා මහතා සහ තවත් සංචාරකයින් 7 දෙනෙකු, විල්පත්තු වනෝද්‍යානයේදී එල්ටීටීඊ විසින් අටවන ලද බිම් බෝම්බයකට ගොදුරුවීමෙන් ජීවිතක්ෂයට පත් වීම. | විල්පත්තුව | 8 | [75] | |||
| මැයි 29 | වැලිකන්ද ගොවිපලක වැඩකරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු වෙඩි තබා සහ කපා කොටා ඝාතනය කිරීම. ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය එල්ටීටීඊ ය වෙත චෝදනා කල අතර, එල්ටීටීඊ ය එය ව්‍යාජ අයුරින් ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් නොනැවතුණු එල්ටීටීඊ ය, එම ප්‍රහාරය නිර්ලජ්ජාසහගත ලෙස හෙලා දකින ලදී. | වැලිකන්ද, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 13 | [76][77] | |||
| මැයි 30 | වැලිකන්දට නුදුරු ඔමඩියාමඩු හීදී සිංහල වැසියන් 12 දෙනෙකු ඝාතනය කිරීම. (වෙබ් අඩවියක සඳහනක්) | ඔමඩියාමඩු, පොළොන්නරුව දිස්ත්‍රික්කය | 12 | 12 | [78] | ||
| ජුනි 15 | කැබිතිගොල්ලෑව සමූලඝාතනය: මගීන් 140 දෙනෙකු පමණ රැගෙන යමින් සිටි ලංගම බස් රථයකට කැබිතිගොල්ලෑවේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට, එහි ගමන් ගත් පාසල් ලමුන් 15 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 68 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් 78 දෙනෙකු තුවාල ලැබූහ. බස් රථය තුල දෙපැත්තෙහි අටවා තුබූ බෝම්බ පිපිරී යාමේදී, එම බෝම්බ වල තුබූ බෝල බෙයාරිම් මිලියන ගණනක් බස් රථය තුල විනිවිද යාම හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව වැඩි වී තිබිණ. | කැබිතිගොල්ලෑව, අනුරාධපුර දිස්ත්‍රික්කය | 68 | [79] | |||
| ජුනි 26 | එල්ටීටීඊ ය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ගොදුරුවී බරපතල තුවාල ලැබීමෙන්, මේජර් ජෙනරාල් පාරමී කුලතුංග මහතා ජීවිතක්ෂයට පත්වීම. ඔහු වටා සිටි පරිවාර නිලදාරීන් දෙදෙනෙකු සහ අසල සිටි තවත් අයෙක් ප්‍රහාරය නිසා මිය ගියහ. | පන්නිපිටිය, කොළඹ දිස්ත්‍රික්කය | 4 | [80] | |||
| අගෝස්තු 12 | සාම ක්‍රියාවලිය සමායෝජක මහ ලේකම් කාර්යාලයේ (Secretariat for Coordinating the Peace Process) නියෝජ්‍ය මහ ලේකම් කෙතේෂ් ලෝඝනාදන් මහතා ඔහුගේ නිවස අසලදී ඝාතනය කිරීම. | 1 | [81] | ||||
| අගෝස්තු 14 | ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපතිවරයාට එල්ල වූ ප්‍රහාරය: ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්, බෂිර් වලි මොහමඩ්, මහතාට ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් මහ කොමසාරිස්වරයා දිවි ගලවා ගත්තද, තවත් පුද්ගලයෝ 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | 7 | [82] | |||
| සැප්තැම්බර් 18 | පොතුවිල් සමූලඝාතනය: ප්‍රදේශයේ සිටි මුස්ලිම් ජාතිකයින් 10 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා විසින්, එම ප්‍රහාරය එල්ටීටීඊ විසින් සිදු කරන ලද්දක් බවට තහවුරු කරන ලදී. | පොතුවිල්, නැගෙනහිර පළාත | 10 | 10 | [83] | ||
| ඔක්තෝම්බර් 16 | 2006 දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය: මරාගෙන මැරෙන් බෝම්බ ප්‍රහාරයක් මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවුකයන් 103 දෙනෙකු ඝාතනය කිරීම සහ 150 කට වැඩි පිරිසකට තුවාල සිදු කිරීම. | දිගම්පතන | 103 | [84] | |||
| දෙසැම්බර් 1 | ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් ගනිමින් තුබූ රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් ගෝඨභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | 2 | [85] |
2007
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 5 | 2007 ශ්‍රී ලංකාවේ බස් බෝම්බ: කාර්යබහුල සවස් කාලය තුල නිට්ටඹුවේ මගීන් 80 ක් පමණ ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීම. බෝම්බ ප්‍රහාරය නිසා මගීන් 6 දෙනෙකු මරණයට පත්වූ අතර 63 තුවාල ලැබූහ. | නිට්ටඹුව, ගම්පහ දිස්ත්‍රික්කය | 6 | [86][87] | |||
| ජනවාරි 6 | 2007 ශ්‍රී ලංකාවේ බස් බෝම්බ: මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝමබකාරියක විසින් කොළඹ–මාතර මගී ප්‍රවාහන බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් පුද්ගලයින් 16 දෙනෙකු ඝාතනය කිරීම සහ 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කිරීම. | පෑරලිය | 16 | [88][89][90][91] | |||
| පෙබරවාරි 7 | එල්ටීටීඊ තුවක්කුකරුවන් පිරිසක් විසින්, මඩකලපුව සාන්තිවේලි පිල්ලෙයාර් (Santhiveli Pilleyar) කෝවිලේ ප්‍රධාන පූසාරි.සෙල්ලියා පරමේස්වරන් කුරුක්කල්තුමාව, ඔහුගේ නිවසින් පිටතට ඇද හිසට වෙඩි තබා ඝාතනය කිරීම. මීට දින හතරකට පෙර වාකරේ ප්‍රදේශයේ සංචාරය කල ජනපති මහින්ද රාජපක්ෂමහතාට ආශිර්වාද කිරීම සහ මල් මාලාවක් පැළැඳවීම පිළිබඳව, මෙහිදී ඝාතකයෝ කුරුක්කල්තුමාගෙන් ප්‍රශ්න කොට තිබුණි. | මඩකලපුව | 1 | 1 | [92][93][94] [95][96][97] | ||
| මාර්තු 9 | ගම් වාසීන්ගේ වන අලි තර්ජන පිළිබඳ සොයා බැලීමට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ පුද්ගලයින් 8 දෙනෙකුට සැඟවී සිට පහර දී ඝාතනය කිරීම. මිය ගිය අය අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රදේශ අඥාපති, සහ උද්‍යානය භාර නිළදාරීහූ සිව් දෙනෙක්ද වූහ. | පුත්තලම | 8 | [98] | |||
| මාර්තු 26 | රජයේ පාලනයට අයත් ගුවන් හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම. (එල්ටීටීඊ ය සිදුකල පලමු ගුවන් ප්‍රහාරය) ප්‍රහාරයෙන් තිදෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලැබූහ. | 3 | [99] | ||||
| මාර්තු 29 | ඉන්දීය තමිල්නාඩු වෙරළ තීරයට එපිටින් සිටි ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු ඝාතනය කිරීම සහ 12 දෙනෙකු පැහැර ගැනීම. (මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාවක් බව ඒත්තු ගැන්වීමට ඔවුහූ උත්සාහ කළහ) | තමිල්නාඩුව, ඉන්දියාව | 5 | 5 | [100] | ||
| අප්‍රියෙල් 1 | 2004 සුනාමි ව්‍යසනයෙන් අනාථ වූ දමිළ දරුවන් වෙනුවෙන් ඉදිකරමින් තුබූ "Village of Hope" නම් නිවාස ව්‍යාපෘතියෙහි සේවය කරමින් සිටි සහන සේවකයින් 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. වෙඩි ප්‍රහාර හේතුවෙන් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලැබූහ. | එරාවුර්, මඩකලපුව දිස්ත්‍රික්කය | 6 | 6 | [101][102][103][104] | ||
| අප්‍රියෙල් 2 | බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ඝාතනය කිරීම සහ 25 දෙනෙකුට තුවාල සිදු කිරීම. මිය ගිය අය අතර කාන්තාවෝ 11 දෙනෙක්, පිරිමින් තිදෙනෙක් සහ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක් වූහ. | අම්පාර | 16 | [105][106][107] | |||
| අප්‍රියෙල් 5 | සිංහල ගොවියෝ 4 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම. | පොලොන්නරුව | 4 | 4 | [108] | ||
| අප්‍රියෙල් 7 | උදෑසන 7:30 ට පමණ වව්නියා - මන්නාරම මාර්ගයේ ගමන් ගනිමින් තිබූ මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයෝ අට දෙනෙකු ඝාතනය සහ 26 දෙනෙකුට තුවාල සිදු කිරීම. | පිරමානලම්කුලම්, වව්නියාව | 8 | [109][110] | |||
| අප්‍රියෙල් 12 | අවරන්තලාව ග්‍රාමයට සවස 4:45 ට පමණ කඩා වැදුණු ත්‍රස්ථ පිරිසක් එහි වූ වැසියන් හත් දෙනෙකු ඝාතනය කිරීම. | අවරන්තලාව, වව්නියාව | 7 | [111][112] | |||
| අප්‍රියෙල් 23 | වව්නියාව නගරය ආසන්නයේදී මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් සිදු කොට, එහි ගමන් ගත් මගීන් 5 දෙනෙකු ඝාතනය කිරීම සහ 35 දෙනෙකුට තුවාල සිදු කිරීම. | වව්නියාව | 5 | [113][114] | |||
| අප්‍රියෙල් 24 | යාපනය පලාලි රජයේ ගුවන් කඳවුරට දෙවන වතාවටත්, ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම. (එල්ටීටීඊ ය සිදුකල දෙවන ගුවන් ප්‍රහාරය) | පලාලි, යාපනය | [115] | ||||
| අප්‍රියෙල් 29 | ඉන්දන පහසුකම් ස්ථාන ද්විත්වයකට පහර දීම. | [116] | |||||
| මැයි 24 | මෝටර් සයිකලයක අටවන ලද IED පිපිරවීමක් සිදු කිරීම මගින්, ශ්‍රී ලංකා යුධ හමුදා භටයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල කොට හමුදා භටයෙක් ඝාතනය කිරීම. සිවිල් වැසියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයෝ 6 දෙනෙක් ප්‍රහාරය නිසා තුවාල ලැබූහ. | කොළඹ | 1 | [117][118][119] | |||
| මැයි 27 | තිරුක්කෝවිල් මාර්ගයකදී ට්‍රක් රථයකට බෝම්බ ප්‍රහාරයක් සිදු කොට සිවිල් වැසියන් තිදෙනෙකු ඝාතනය කිරීම. | තිරුක්කෝවිල් | 3 | [120][121][122][123] | |||
| මැයි 28 | ශ්‍රී ලංකා පොලීසියට අනියුක්ත විශේෂ කාර්ය බළකාය (STF) සෙබළුන් පිරිසක් රැගෙන යමින් සිටි ට්‍රක් රථයක් ඉලක්ක කර ගනිමින් බෙල්ක්කඩේ හන්දියේදී, බෝම්බයක් පුපුරුවා හැරීම. බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියන් 7දෙනෙකු මිය ගොස් 39 දෙනෙකු තුවාල ලැබූහ. මියගිය අය අතර ගර්භණී මාතාවක්ද වූවාය. | බෙල්ක්කඩේ හන්දිය, රත්මලාන,කොළඹ දිස්ත්‍රික්කය | 7 | [124][125][126][127] | |||
| ජුලි 16 | කොටි සාමාජිකයන් පිරිසක් විසින්, සවස 5:30 ට පමණ නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් හේරත් අබේවීර මහතා ඝාතනය කිරීම. | ත්‍රිකුණාමලය | [128][129] | ||||
| අගෝස්තු 20 | වව්නියාව පොළිස් මුරපලක් අසලදී, ජීප් රථයකින් පැමිණි දෙමළ කොටි සාමාජිකයෝ පිරිසක් විසින් තැබූ වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීමෙන්, ග්‍රාමාරක්ෂක භටයින් සිව්දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙක් ඝාතනය වීම. මිය ගිය ග්‍රාමාරක්ෂක භටයින් සිව්දෙනෙගෙන් තිදෙනෙක්ම කාන්තාවෝ වූහ. | වව්නියාව | 5 | [130][131][132] | |||
| සැප්තැම්බර් 22 | මගීන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් බස් රථ රියදුරු මියගොස් දෙදෙනෙකු තුවාල ලැබූහ. | ත්‍රිකුණාමලය | 1 | [133][134][135] | |||
| සැප්තැම්බර් 27 | උදෑසන 10:30 ට පමණ චුන්නාකුලම් මාර්ගයේ පොළිස් මුර සංචාර රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු ඝාතනයට ලක් වීම. පොළිස් භටයින් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙක් පමණ ප්‍රහාරය නිසා තුවාල ලැබූහ. | චුන්නාකම්, යාපනය | 2 | [136][137][138] | |||
| ඔක්තෝම්බර් 22 | අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ප්‍රහාරය: අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පහර දී එහි තිබූ මිලිටරි යානා 20 කට පමණ හානි සිදු කිරීම. | අනුරාධපුරය | |||||
| නොවැම්බර් 26 | මහවිලච්චිය සමූලඝාතනය: මහවිලච්චිය ග්‍රාමයේ සිටි කාන්තාවක් ඇතුළු සිංහල ගොවියන් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. | මහවිලච්චිය, අනුරාධපුරය | 4 | 4 | |||
| නොවැම්බර් 28 | ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දාගේ, කාර්යාලය ඉදිරිපිට බෝම්බයක් පුපුරුවා හරිමින්, ඔහුව ඝාතනයට තැත් කිරීම. ප්‍රහාරයෙන් දේවානන්දා දිවිගලවා ගත්තද, ඔහුගේ පුද්ගලික ආරක්ෂකයෙකු ප්‍රහාරය නිසා මරණයට පත්විය. තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූහ. | 1 | [139] | ||||
| නොවැම්බර් 28 | කොළඹ ගබඩා අංශය තුල පාර්සල් බෝම්බයක් පුපුරුවා හරිමින් සිවිල් වැසියන් 20 දෙනෙකු ඝාතනය කිරීම. මෙවැනි ප්‍රහාර සිදුකිරීමෙන් වලකින ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානයට ප්‍රකාශ කරන ලදී. | කොළඹ | 20 |
2008
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| ජනවාරි 2 | ශ්‍රී ලංකා යුධ හමුදා බස් රථයක් ඉලක්ක කර ගනිමින්,කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලය අසලදී එල්ල කල බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෝ සිව්දෙනෙක් මියයාම සහ 28 දෙනෙකුට තුවාල සිදුවීම. | කොළඹ | 4 | [140] | |||
| ජනවාරි 8 | ගමන් කරමින් සිටි මාර්ගයේ ඇටවූ බෝම්බ ප්‍රහාරයක් මගින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, ඩී. එම්. දසනායකමහතා ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් එම මහතාගේ ආරක්ෂයෙකුද මිය ගිය අතර තවත් දස දෙනෙකුට පමණ තුවාල සිදුවිය. | ජා ඇල, ගම්පහ දිස්ත්‍රික්කය | 2 | [141][142] | |||
| ජනවාරි 16 ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර යුධ විරාම ගිවිසුම අවසන් වූ දිනය | බුත්තල මගී බස් රථයකට ඇටවූ මාර්ග බෝම්බයක් පුපුරුවා හැරීමෙන්, පාසල් දරුවන් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 27 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් 67 දෙනෙකුට තුවාල සිදුවිය. බසයෙන් පළා යාමට උත්සාහ කල සිවිල් වැසියන්ට පිටත සිටි, එල්ටීටීඊ තුවක්කුකරුවෝ වෙඩි තැබූ බවද සඳහන් වේ. | බුත්තල | 27 | [143][144][145][146][147][148] | |||
| පෙබරවාරි 2 | දඹුල්ල මගී බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීම මගින් සිවිල් වැසියෝ 20 දෙනෙකු ඝාතනය සහ 50 දෙනෙකුට හානි සිදු කිරීම. | දඹුල්ල | 20 | [149] | |||
| පෙබරවාරි 3 | 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බය: කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් පුද්ගලයෝ 11 දෙනෙකු ඝාතනය කිරීම. 97 දෙනෙකුට තුවාල සිදු කිරීම. | කොටුව, කොළඹ | 11 | [150] [151][152] | |||
| පෙබරවාරි 23 | ගල්කිස්සේදී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. මාස 8 වියැති බිළිඳෙකු, කාන්තාවන් 7 දෙනෙකු ඇත්ළු පුද්ගලයෝ 18 දෙනෙකු ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූහ. | ගල්කිස්ස | [153][154][155] | ||||
| පෙබරවාරි 23 | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින් මඩකලපුවේ දේශපාලන පක්ෂ සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම. | මඩකලපුව | 2 | [156][157] | |||
| පෙබරවාරි 29 | එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පෙලිස් භටයින් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් සිව්දෙනෙකුට තුවාල සිදුවීම. | කොළඹ | [158][159] | ||||
| මාර්තු 2 | වව්නියාව මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් පොලිස් භටයින් සිවිදෙනෙකු සහ සිවිල් වැසියන් හය දෙනෙකු තුවාල ලැබීම. | වවුනියාව | [160] | ||||
| මාර්තු 10 | කොළඹ මහා මාර්ගයක මල් පෝච්චියක අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් පුදගලයෙකු මිය ගොස් තවත් හය දෙනෙකුට තුවාල සිදුවීම. | කොළඹ | 1 | [161][162] | |||
| අප්‍රියෙල් 6 | වැලිවේරිය බෝම්බ ප්‍රහාරය: වැලිවේරියේ පැවති අවුරුදු උත්සවයකට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයිකින් පුද්ගලයෝ 14 දෙනෙකු ඝාතනය කිරීම. මිය ගිය අය අතර පා.ම. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හිටපු ඔලිම්පික් තරඟකරු කුරුප්පු කරුණාරත්න, සහ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස් යන අය වූහ. ප්‍රහාරය නිසා 90 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. | වැලිවේරිය, ගම්පහ දිස්ත්‍රික්කය | 14 | ||||
| අප්‍රියෙල් 25 | 2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය: පිළියන්දල බස් රථයක් තුල පුපුරුවා හරිනු ලැබූ පාර්සල් බෝම්බයකින්, පුද්ගලයින් 24 දෙනෙකු ඝාතනය වීම. තවත් 52 දෙනෙකුට තුවාල සිදුවිය. | පිළියන්දල | 24 | [163] | |||
| මැයි 16 | මරාගෙන මැරෙන යතුරුපැදි කරුවෙකු විසින්, පොලිස් කැරලි මර්ධන පොලිස් නිලදාරීන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට එල්ල කල ප්‍රහාරයකින්, පොලිස් නිලදාරීන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ඝාතනය වීම. ප්‍රහාරය නිසා 95 දෙනෙකු පමණ තුවාල ලැබූහ. | කොළඹ | 13 | [164][165] | |||
| මැයි 26 | 2008 දෙහිවල දුම්රිය බෝම්බය: කොළඹ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තුබූ මගී දුම්රියක පාර්සල් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් (දෙහිවලදී) දුම්රිය මගීන් 9 දෙනෙකු ඝාතනය කිරීම සහ, තවත් 67 දෙනෙකුට තුවාල සිදු කිරීම. | දෙහිවල, කොළඹ දිස්ත්‍රික්කය | 9 | [166] [167] | |||
| ජුනි 4 | පැය 0710 ට පමණ, දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය මාර්ගයේ අටවා තිබූ බෝම්බයක් මගී දුම්රියක ගැටී පිපිරී යාමෙන් සිවිල් වැසියෝ 24 දෙනෙකුට තුවාල සිදුවීම. | වැල්ලවත්ත | [168] | ||||
| ජුනි 6 | 2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය: මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ මගී බස් රථයක් තුල පුපුරුවා හැරි, බස් බෝම්බ ප්‍රහාරයකින්, සිවිල් වැසියන් 23 දෙනෙකු ඝාතනය වීම. ප්‍රහාරයෙන් 80 කට වඩා වැඩි පිරිසකට තුවාල සිදුවිය. | මොරටුව | 23 | [169] | |||
| ජුනි 6 | 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය: මහනුවර පොල්ගොල්ලේදී, මගී බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු ඝාතනය කිරීම. | පොල්ගොල්ල, මහනුවර | 2 | [170] | |||
| ජුනි 16 | 2008 වව්නියාව බෝම්බ ප්‍රහාරය:වව්නියාව පොලිස් කාර්යාලයක් ඉදිරිපිටට එල්ල වූ මරාගෙන මැරෙන මෝටර්සයිකල් බෝම්බ ප්‍රහාරයකින්, කාන්තා කොස්තාපල්වරියන් 4 දෙනෙකු ඇතුළු පොලිස් නිලදාරීන් 12 දෙනෙකු ඝාතනයට ලක්වීම. ප්‍රහාරයෙන් පාසල් ළමුන් ඇතුළු තවත් පුද්ගලයා් 40 දෙනෙක් තුවාල ලැබූහ. | වවුනියාව | 12 | [171] | |||
| ඔක්තෝම්බර් 6 | එජාප දේශපාලන රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින්, එජාප උතුරු මැද පළාත් ප්‍රධාන විපක්ෂ නායක ජානක පෙරේරා සහ තවත් සිවිල් වැසියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම. | අනුරාධපුරය | 21 | [172] |
2009
| දිනය | ප්‍රහාරය | ස්ථානය | සිංහල | දෙමළ | මුස්ලිම් | මරණ සංඛ්‍යාව | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|---|
| පෙබරවාරි 20 | 2009 කොළඹ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරය: පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහිත ගුවන් යානාවක් මගින්, කොළඹ ඉලක්කයක් වෙත ප්‍රහාරයක් සිදු කිරීමේ, එල්ටීටීඊ උත්සහයක් ව්‍යර්ථ වී යාම. | කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය | 2 | 4 | |||
| පෙබරවාරි 22 | කිරිමැටියදී පුද්ගලයෝ 10 දෙනෙකු ඝාතනය කිරීම | කිරිමැටිය, නැගෙනහිර පළාත | 10 | [173] | |||
| මාර්තු 10 | අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය: අකුරැස්සේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයෝ 14 ඝාතනය කිරීම. තවත් 35 දෙනෙකු ප්‍රහාරය නිසා තුවාල ලැබූහ. | අකුරැස්ස, මාතර | 14 | [174] | |||
| අප්‍රියෙල් 12 | මහගොඩයාය සමූලඝාතනය: ග්‍රාමයේ සිටි කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 9 දෙනෙකු ඝාතනය කිරීම. | මහගොඩයාය, මොණරාගල දිස්ත්‍රික්කය | 9 | 9 |

0 comments:
Post a Comment