(~!~)ආයුබෝවන්(~;~)

***::::::::::::::::::::::::*** :::දිනය සුබ ‍ව‍ෙීවා:::** :::ඔබට ජය වෙීවා.:::** ***:::::::::::::::::::::::***

Thursday, June 25, 2015

ගුවන් යානා ගැන

8:01 AM

Image result for airplane engineImage result for airplane engine
 ඡායාරූපයේ තියෙන්නේ CFM56 කාණ්ඩයේ ගුවන් යානා එන්ජිමක විවෘත්ත පෙනුම. (මෙය නිපදවන්නේ CFM International නම් සමාගම මගින් ) Airbus 320, Airbus 340 මෙන්ම Boeing 737 කාණ්ඩයේ ගුවන් යානා වැනි විශාල මගී ගුවන් යානා සඳහා මෙම එන්ජින් භාවිතා කරනවා.
මෙම ගුවන් යානා එන්ජින් High Bypass එන්ජින් ලෙසින් තමයි හැඳින්වෙන්නේ. ඒ කියන්නේ මේවට ඉහල bypass ratio එකක් තියෙනවා.CFM 56
Bypass ratio එක කියන්නේ මොකක්ද?
ඔබ දන්නවා ඇති ගුවන් යානයක් ඉදිරියට ගමන් කරන්නේ එම ගුවන් යානයේ එන්ජින් මගින් ලබා දෙන තෙරපුමෙන් කියන දෙය. මේ විදියට තෙරපුම ලබා දෙන්නේ, එන්ජිම මගින්, එන්ජිම ඉදිරියේ ඇති වාතය එන්ජිම තුලට ඇදගෙන ඉන් පසු ඉතා ඉහල වේගයකින් එන්ජිමෙන් පිටුපසට තල්ලු කිරීමෙන්. එන්ජිම මගින් මෙසේ ඇද ගන්නා වායු දහරාවෙන් යම් ප්‍රමාණයක් එන්ජිමේ දහන කුටීරය තුලදී දහන ක්‍රියාවලියට සම්බන්ධ වන අතර ඉතිරි ප්‍රමාණය දහන ක්‍රියාවලියට සම්බන්ධ නොවේ ගමන් කරයි, එනම් එන්ජිම බයිපාස් කරයි. දහනයට සහභාගී නොවන වායු ප්‍රමාණය සහ දහනයට සහභාගී වන වායු ප්‍රමාණයේ අනුපාතය තමයි Bypass ratio ලෙසින් හඳුන්වන්නේ. උදා: දහනය සඳහා 1kg වායු ප්‍රමාණයක් සම්බන්ධ වන විට දහන කුටීරය මග හැර යන වායු ප්‍රමාණය 8kg නම්, එම එන්ජිමේ bypass ratio එක 8:1 කි.
ඉහල bypass ratio එකක් ඇති ගුවන් යානා වල ඉන්ධන කාර්යක්‍ෂමතාවය ඉහල අගයකයි පවතින්නේ. හැබැයි bypass ratio එක ඉහල අගයක් ගන්නාවිට එන්ජිමේ තෙරපුම නම් අඩු වෙනවා. මේ නිසා ක්‍ෂණිකව විශාල තෙරපුමක් අවශ්‍ය ප්‍රහාරක ගුවන් යානා වැනි දේ සඳහා භාවිතා කරන්නේ අඩු bypass ratio එකක් තියෙන එන්ජිමක්.

ගුවන් යානයක THRUST REVERSAL SYSTEM එක හෙවත් තෙරපුම් ප්‍රත්‍යවර්තන පද්ධති

ගුවන් යානයක් පියාසර කිරීමේදී එහි එන්ජිම මගින් ඇති කරන තෙරපුම යොමු වන්නේ ගුවන් යානයේ පිටුපස දෙසට හෙවත් ගමන් ගන්නා දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යි. ගුවන් යානයට ඉදිරියට යාම සඳහා අවශ්‍ය වන බලය (තෙරපුම) ලැබෙන්නේ මෙවිටය. thrust reversal (හෝ reverse thrust) ලෙසින් හඳුන්වන්නේ මෙලෙස පිටුපසට යෙදෙන බලය (තෙරපුම) තාවකාලිකව ගුවන් යානයේ ඉදිරිපස දිශාව වෙත යොමු කිරීමයි. මෙමගින් ගුවන් යානයේ ගමනට එරෙහි බලයක් ගොඩ නැගෙන අතර මෙමගින් ගුවන් යානයේ වේගය අඩාල කර ගත හැක. මෙහිදී ප්‍රායෝගික සීමාවන් හේතුවෙන් පිටුපසට යෙදුනු තෙරපුම අංශක 180 කින් වෙනස් කර ඉදිරිය වෙත යොමු කිරීම සිදු කළ නොහැක. ප්‍රායෝගිකව සිදු වන්නේ, ඉදිරිපසට යොමු වූ යම් කිසි ආනතියක් සහිතව ඉහලට සහ පහලට තෙරපුම යොමු කිරීමයි. මෙමගින් තෙරපුමේ විභේදන සංරචක දෙකක් ඉදිරිපසට යොමු වේ. (රූප සටහන් 2, 3, 4 හි  පැහැදිලිව පෙනෙන ආකාරයට මෙම බලයන් ඉදිරියට යොමු වී ඇත.)
ගුවන් යානයක් ගොඩබෑමේදී පළමුව එය touch down කිරීම හෙවත් පොලව මතට ගොඩ බෑමත් ඉන් පසුව එහි ගමන් වේගය අඩාල කර සම්පුර්ණයෙන්ම නැවතීමත් යන කාර්යයන් සිදු කරයි. සාමාන්‍යයෙන් මෙම reverse thrust පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ ගුවන් යානය පොළව මත ගොඩබෑමෙන් පසුව එහි වේගය අඩාල කිරීමටය. ගුවන් යානයක ඇති තිරිංග පද්ධතියට මෙම කාර්යය සිදු කිරීමේ හැකියාව ඇතත්  අමතර ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පසු තෙරපුම් පද්ධතිය යොදා ගනී.
හිම සහිත හෝ ලෙස්සන සුළු ගුවන් පථයකට ගොඩබෑමේදී ගුවන් යානය නවතා ගැනීමට තිරිංග වල බලය ප්‍රමාණවත් නොවිය හැක. එමෙන්ම දිගින් අඩු ධාවන පථයකදී ද තිරිංග වලට පමණක් ගුවන් යානය නවතාගැනීමේ හැකියාව නොමැත. මෙවැනි අවස්ථා වලදී මෙම පසු තෙරපුම් පද්ධතිය ඉතාම වැදගත් ය.
 තවද, rejected takeoff හෙවත් ගුවන් ගතවීමට ගොස් ආපදාවක් වැනි හදිසි හේතුවක් මත ගුවන්ගතවිම අතහැරීම වැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම reverse thrust පද්ධතියේ සහය අවශ්‍ය වෙයි. ගුවන් යානය ගුවන්ගතවිම අරමුනු කරගෙන ධාවනය වන බැවින් එය ඉතා ඉහල වේගයකින් ධාවනය වේ. මෙවන් අවස්ථාවක තිරිංග පද්ධතියට පමණක් ගුවන් යානය නවතා ගත නොහැක.
ඉහත සඳහන් කලේ ගුවන් යානයක් පොළව මත ඇති අවස්ථාවක reverse thrust යොදා ගැනීමය. සැබවින්ම, බහුලව සිදු වන්නේද මෙයයි. නමුත් ඇතැම් අවස්ථා වල ගුවනේදී මෙම පද්ධතිය ක්‍රියාත්මක කරන අවස්ථා ඇත. (මගී ගුවන් යානා වල මෙසේ සිදු කරන්නේ නැතිම තරම් ය). හදිසියේ ගුවන් යානයේ පියාසර උස ක්‍ෂණිකව අඩු කර ගැනීමට අවශ්‍ය වූ විට මෙසේ සිදු කරයි. ප්‍රාහාරක ගුවන් යානා වලට මෙවැනි අවස්ථාවන්ට නිරතුරු මුහුණ දීමට සිදුවේ. සතුරු ප්‍රදේශයකදී ඉතා ඉහලින් ධාවනය කර ඉන්පසු ආසන්නයේ ඇති ගුවන් පථයකට ගොඩබෑමට සිදු වූ විට පියාසර උස ක්‍ෂණිකව අඩු කර ගැනීමට සිදුවේ. එවිට reverse thrust ක්‍රියාත්මක කළ හැක.
Reverse thrust ක්‍රියාත්මක කරන ආකාරReverse thrust ක්‍රියාත්මක කරන ආකාර කිහිපයක් පහත කෙටියෙන් විස්තර කර ඇත.
Pitch controlPropeller මගින් ධාවනය වන ගුවන් යානා වල එහි propeller blades වල pitch එක වෙනස් කිරීම මගින් තෙරපුමේ දිශාව වෙනස් කළ හැක. මේ සඳහා ගුවන් යානය සතුව pitch එක වෙනස් කල හැකි ආකාරයේ propeller එකක් තිබිය යුතුය. (රූප සටහන 1 බලන්න).
Propeller driven aircraft
Figure 1: Propeller driven aircraft
ඉහත ක්‍රියාවලිය සිදු කල හැක්කේ propeller මගින් ධාවනය වන ගුවන් යානයකට පමණි. බහුතරයක් ගුවන් යානා ධාවනය වන්නේ ජෙට් එන්ජින් මගිනි. ඒවායේ reverse thrust ක්‍රියාත්මක කිරීම සඳහා පහත ක්‍රම අනුගමනය කරයි.
Target type (bucket type)මෙහිදී හයිඩ්‍රෝලික් මගින් ක්‍රියාත්මක වන බකට් දෙකක් මගින් ගුවන් යානයේ පසුපසට යෙදෙන තෙරපුම ඉදිරිපසට යොමු කරයි. මෙහිදී සිදුවන්නේ පිටුපසට ගමන් කරන වායු ධාරාව එහි ගමන් මග වෙනස් කර ඉදිරියට යොමු කිරීමයි. ඉහත රූපසටහන් අංක 1 හි දක්වා ඇත්තේ මෙම පද්ධතියයි. පහත රූපසටහනේ මෙම පද්ධතිය ගුවන් යානයක යොදාගෙන ඇති අයුරු පෙන්නුම් කරයි.
Bucket type thrust reversal  (Source: www.engineering.purdue.edu)
Figure 2: Bucket type thrust reversal
                                         
Bucket type system
Figure 3: Bucket type system
Clam-shell typeමෙහිදී සිදු වන්නේ එන්ජිම හරහා පිටුපසට එන වායු ධාරාව පිටුපසට යන ගමන් මග වසා අතර මගදී පිටතට යොමු කිරීමයි. රූප සටහන් අංක 4 හි මෙය ඉතා හොඳින් දක්වා ඇත.
Clam shell type system
Figure 4: Clam shell type system
                                          

Figure 5: Clam Shell type
Figure 5: Clam Shell type
Cold stream typeඉහත ආකාර දෙකෙහිදීම සිදු වූයේ එන්ජිම හරහා එන උණුසුම් වායු ධාරාව වෙනත් මගකට යොමු කිරීමයි. නමුත් cold stream type එකේදී සිදු වන්නේ, එන්ජිම තුලට එන සිසිල් වායු ධාරාව එන්ජිමට ඇතුල්වීමට ප්‍රථම අතරමග ඇති දොරවල් විවර කිරීම මගින් පිටතට යොමු කිරීමයි. 6වන රූප සටහනේ මෙය පැහැදිලිව දක්වා ඇත.
Figure 7: Cold stream type (Source: www.engineering.purdue.edu)

Written by

We are Creative Blogger Theme Wavers which provides user friendly, effective and easy to use themes. Each support has free and providing HD support screen casting.

0 comments:

Post a Comment

 

© 2013 FOR CHANGE. All rights resevered. Designed by Templateism

Back To Top